නවීන තාක්ෂණයට, සමාජ මාධ්‍යවලට ඔබ කෙතරම් ඇබ්බැහිව ඇත්ද? කෙතරම් ඒවායේ වහලුන් බවට පත්ව ඇත්ද? ඔබටත් නොදැනීම ඔබේ ස්වාමියා බවට තාක්ෂණය පත්ව ඇති යුගයක, මේ ව්‍යසනකාරී යථාර්ථය ලොවට සමීප කරන්නට ඇමරිකානු ඡායාරූප ශිල්පී එරික් පිකර්ස්ගිල් දරූ උත්සාහයක ප්‍රතිපලයකි, “Removed” නැමැති ඡායාරූප එකතුව. තමාද ඒ තාක්ෂණයේ වහලෙක් බව දන්නා නිසාම, ස්මාට් දුරකථන සහ අනෙකුත් ඩිජිටල් උපකරණ සංස්කරණය කර ඉවත් කිරීමෙන්, එරික් මේ එකතුවේ එන ඡායාරූප සකසා ඇත. “Removed” සඳහා වස්තු බීජය ඔහුගේ සිතේ හට ගෙන ඇත්තේ නිව් යෝර්ක් නුවර පිහිටි අවන්හලකදී දුටු සිද්ධියක් පාදක කර ගෙනය. එම සිදුවීම ඔහු මෙසේ විස්තර කළේය.
“එදා මම හිටියේ නිව් යෝර්ක් නුවර ට්‍රෝයි නගරයේ, ඉලියම් අවන්හලේ. මට අල්ලපු මෙසේ හිටියේ පවුලක්. එයාල එකිනෙකා අතර කිසි සම්බන්ධයක් නෑ. වැඩි කතාවකුත් නෑ. තාත්තයි දූලා දෙන්නගෙයි අතේ ෆෝන් එක. එක්කෝ අම්මා ගාව ෆෝන් එකක් නෑ, නැත්නම් අම්මා ෆෝන් එක එළියට නොගෙන ඉන්න තීරණය කරලා. එතන පෙන්න තිබුණු ගොඩක් හිත රිදෙන දේ තමයි, එයාගේ ළඟම හිතවතුන්; සැමියා, දූලා දෙන්නා ළඟ ඉඳිද්දී, ඒ අම්මා හරිම දුකෙන්, හරිම තනිකමකින් ජනේල්ලෙන් එළිය බලාගෙන හිටියා. ඒ තාත්තා සැරින් සැරේ ඔලුව උස්සල බැලුවේ, අන්තර්ජාලයෙන් එයා හොයා ගත්ත තොරතුරක් උණු උණුවෙම කට්ටියටම ඇහෙන්න කියන්න විතරයි.”
තම රැකියා ස්ථානයේ වැඩ කරන පිරිස සහ යහළුවන් සම්බන්ධ කරගෙන එරික් මේ විශිෂ්ට ගනයේ ඡායාරූප ලබා ගෙන ඇත. විවිධ ඉරියව්වල නොසෙල්වී සිටීමට ඔවුන්ට උපදෙස් දී මෙම ඡායාරූප ලබා ගැනීමෙන් අනතුරුව, ඒවායෙන් ඩිජිටල් උපකරණය අඩංගු කොටස ඉවත් කර, සංස්කරණය කළ අවසන් ඡායාරූප මහජනයාට ඉදිරිපත් කෙරිණි.
තාක්ෂණයට අප කෙතරම් ඇබ්බැහි වීද යන්න අපේ හිත්වලට කා වද්දන, අපේ ඇස් අරවන “Removed” එකතුවේ ඡායාරූප කිහිපයකි පහත දැක්වෙන්නේ.
වැඩිදුර තොරතුරු: removed.social| Facebook | Instagram (h/t: ufunk)
“මේ සංකීර්ණ තාක්ෂණය නිසා දායාද වුනු පැහැදිලි-දෘෂ්‍යමාන වන වාසි අතරේ , සැඟවුණු-අදෘෂ්‍යමාන සමාජීය, කායික අයහපත දැන් ක්‍රම ක්‍රමයෙන් මතුව එමින් තිබේ. ”
“තාක්ෂණය හා වහල්භාවය අතර ඇති වෙනස නම්, වහලුන් තමාට නිදහස අහිමිව තිබෙන බව දැන සිටීමයි – නසීම් නිකොලස් තලෙබ් (Nassim Nicholas Taleb)”
“ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය නිර්මාණය වන තුරු අප සිතා සිටියේ තනිව සිනාසෙන මිනිසුන් උන්මත්තකයන් බවයි – මොකොකොමා මොඛෝනොඅනා (Mokokoma Mokhonoana)”
“තාක්ෂණය සමග ජීවත් වන්න, නමුත් තාක්ෂණය මත ජීවත් නොවන්න – අභිජිත් නස්කර් (Abhijit Naskar)”
“කුමන හෝ නව නිපැයුමක් ඔබේ ජීවිතයේ ගැටළු නොවිසඳයි නම්, එහි අදහස ඒ නව නිපැයුම නැතිව ඔබට ජීවත් විය හැකි බවයි – අභිජිත් නස්කර් (Abhijit Naskar)”
“තාක්ෂණය ජීවිතයට අත්වැලක් සපයනවා වෙනුවට ජීවිත ආපස්සට ඇද දමන ප්‍රධාන බලවේගයක් ව ඇත – අභිජිත් නස්කර් (Abhijit Naskar)”
“මුහුණට මුහුණ හමු නොවන ඕනෑම සමාජීය ඇසුරක් ඔබේ සෞඛ්‍යට හිතකර නොවේ – නසීම් නිකොලස් තලෙබ් (Nassim Nicholas Taleb)”
“දුරකතනයක් නැති ජීවිතය අවදානම් වැඩිය, තනිකම වැඩිය. නමුත් ඒ ජීවිතය විචිත්රවත්ය – එලොසියා ජේම්ස්
(Eloisa James)”
“තාක්ෂණය දෙබිඩි දෙයකි. එය එක අතකින් ඔබට වටිනා දේ තෑගි කරන අතරේ, අනෙක් අතින් ඔබේ පිටට පිහියෙන්
පහර දෙයි. – C.P. ස්නෝ (C.P. Snow)”
“ පැරණි රොබෝවරු මිනිසුන් බවට පත්වෙද්දී නූතන මිනිසා රොබෝවරු බවට පත් වෙමින් සිටී – ලොරින් මෝර්ගන් රිචර්ඩ්ස් (Lorin Morgan Richards) ”
“21 සියවසේ මුල් භාගයේ තම තාරුණ්‍ය පසු කරන පිරිසෙන් 80% නින්දට යන්නේ තම ජංගම දුරකථනය සමගයි. ( 20 වන සියවසේ මැද භාගයේ උපන් පිරිස සාපේක්ෂව මේ අගයෙන් තුනෙන් එකක් පමණ වේ. ) මින් අඩකට වඩා වැඩි පිරිසක් රාත්රියේදී දුරකථනය නැවත පරීක්ෂා කරති. තෙවැන්නෙක් නින්දට ගිය පසු කෙටි පණිවිඩ 35ක් පමණ යවයි. උපන්දා සිට තාක්ෂණය සමග මුසුව වැඩුණු මේ පිරිසගේ ජීවිතය තාක්ෂණය විසින්ම හැඩ ගස්වා තිබේ –
ජූලී ඇල්බ්රයිට් (Julie Albright)”
“තාක්ෂණය යනු හුදු අවියක් පමණයි. දරුවන්ට එකමුතුව වැඩ කිරීමට, දරුවන් දිරි ගැන්වීමට වඩා වැදගත් වන්නේ ගුරුවරයාය – බිල් ගේට්ස් (Bill Gates)”
“තාක්ෂණය ඉතා අපූරුය. නමුත් එය ඔබව භාවිතා කිරීමට එරෙහිව ඔබ එය භාවිත කළ යුතුය – ප්‍රින්ස් (Prince) ”
Thanks for delivering this kind of superb subject material.
Wow, lovely site. Thnx …|
I love this website – its so usefull and helpfull.|
Thank you for sharing this neat site.|
Wow because this is really good work! Congrats and keep it up.|
I enjoy the information on your internet site. Thanks a lot.|
Just want to mention Now i am relieved I stumbled on the web site!|
You have great thing here.|
You’ve astonishing thing here.|
The info is incredibly useful.|
Seriously….this is a invaluable site.|
You’ve one of the greatest online sites.|
Great internet site! It looks extremely good! Maintain the good job!|
Sustain the excellent work !! Lovin’ it!|
Maintain the excellent work !! Lovin’ it!|
Love the site– very user pleasant and lots to see!|
Astonishingly user pleasant website. Immense info available on couple of clicks on.|