ගෝඨාභයගෙන් භය වෙන අයට වටිනා අවවාදයක්. වීඩියෝ සහිතයි.

මම ආරක්ෂක ලේකම් වශයෙන් ඉන්න කොට එක දවසක් මට ලිපියක් එනවා ඔබේ අමාත්‍යංශයට උපාධිදාරීන් 800 ක් එවනවා කියලා. උපාධිදාරීන් 800 කින් මට මොනවා කරන්න ද ? මෙවැනි රැකියා දීම් අනුමත කරන්න බැහැ. අපි අහලා තියනවා ඇමතිවරු කියනවා මම 3000 ක් රැකියා දුන්නා, 4000ක් රැකියා දුන්නා. 5000 ක් රැකියා දුන්නා. හැබැයි 5000 ක් රැකියා උත්පාදනය කරා කියලා ඇමති කෙනෙක් කියනවා මම අහලා නැහැ. අර විදිහට දෙන රැකියා සමාජයට වැදගත් කමකුත් නැහැ. ආරථිකයට වැදගත් කමකුත් නැහැ. ඇයි 20000 කට රස්සාවක් දීලා මොනවා කරන්න ද? ගත්ත දවසේ ඉඳලා අසහනය.

මේක නෙවෙයි අපට අවශ්‍ය අධ්‍යාපන ක්‍රමය. අපේ තරුණ තරුණියන්ට risk එක ගන්න පුරුදු කරලා නැහැ මේ අධ්‍යාපන ක්‍රමය.

අපට පොඩි කාලේ ඉඳලම වැටෙන්න දෙන්නේ නැහැ. ගහකට නගින්න දෙන්නේ නැහැ. හපෝ වැටෙයි ඔතනින් කියලා අම්මා බදාගෙන ඉන්නේ.  කිසිම දක්ෂතාවයක් දියුණු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ ගොල්ලෝ පස්සේ කාලේ ඇමතිවරු වුණත් වැඩක් නැහැ තීරණ ගන්නේ නැහැ. බයයි. එහෙම ඇමතිවරු වැඩක් නැහැ. (අත් පොලොසන් )

දැන් බලන්න පිටරටින් ගෙනාවේ නැහැ යුද්ධේ ඉවර කරන්න.යුද්ධේ ඉවර ක‌ෙරේ අපේ රටේ ත්‍රිවිද හමුදාවයි.

අවුරුදු 30 ක් ගියේ ඇයි ? තීරණ ගත්තේ නැහැ. මම ආරක්ෂක මඩුල්ලේ රැස්වීමේ දී පැහැදිලි කරලා දුන්නා මේ යුද්ධේ ඉවර කරන්න නම් දැන් තියන හමුදාව ලක්ෂ 5 දක්වා වැඩි කළ යුතු යි කියලා. ජනාධිපති තුමා ඒක තේරුම අරගෙන අපේ දොස්තර p b ජයසුන්දර මහත්තයාට කිව්වා මුදල් දෙන්න කියලා. අලුත් ක්‍රම නෙමේ අපි පාවිච්චි කළේ. ගජභා රජතුමාගේ කාලේ පහර දුන්නේත් හතර පැත්තෙන් වට කරලා.

මම ඉස්සර හමුදාවේ අණ දෙන නිලධාරියෙක් විදිහට ඉන්න කාලේ මම එක හමුදාපතිවරයෙක් ට කීවා, සර් , අපේ හමුදාව 20000 කින් වැඩි කරමු කියලා.

එතකොට ඔහු කියනවා, නෑ ගෝඨා අපි එච්චර අරගෙන යුද්ධේ ඉවර වුණාම අපි මොනවා ද කරන්නේ ඒ අයත් එකක කියලා. (සභාවෙන් සිනා හඬ)

වසර ගානක් ඒ තීරණය ගන්න භය වුණා. මහින්ද ඒ තීරණය ගත්තා.

අපේ තරුණ තරුණියන් Risk එක ගන්න පුරුදු වෙලා නෑ!

අපේ තරුණ තරුණියන් Risk එක ගන්න පුරුදු වෙලා නෑ! ගෝඨාභය

Posted by Gota's Voice on Monday, 14 October 2019

 

 

17 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *