Gotabaya

2020 දී අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන ජනපති අපේක්ෂක…

ජනතාවගේ සිහින සැබෑ කරමින්, නොයෙකුත් බාධක මඬිමින් කරලිය සුපැමිණි ඒ ජනපති අපේක්ෂක කවුද? සජිත් ප්‍රේමදාසද? නැත්නම් නාගානන්ද?. රනිල් වික්‍රමසිංහ කියා ඔබට සමහර විට සිතෙනු ඇත. ඇත්තෙම් ඒ අන් කවරෙකුත් නොව, පසුගිය රජයේ ආරක්ෂාව පිළිබඳව වගකීම භාරගත් ගෝඨාභය රාජපක්ෂ මහතාය.

දස දෙසින් ජය ඝෝෂා හඬ මැදින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2020 ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ට දිවයිනේ නන්දෙසින් ජය ඝෝෂා පැතිරෙමින් මහත් වූ ජාතිකාභිමානයකින් ජනතාව පාරවල් දෙපස සිංහ ධජ දරා සිටිනු අපට දක්නට ලැබිණි. අවුරුදු 30ක සාපකාරි යුද්ධයෙන් පීඩිතව සිටි ජනයා ඒ ජයග්‍රණය සැමරූ අයුරින්ම ජනතාව නන්දෙසින් සිංහ ධජ අතැතිව මග දෙපස ප්‍රීති ඝෝෂා නඟමින් මාතෘ භූමිය තුල සිදුවන මේ ත්‍රස්තවාදී කටයුතු අවසන් කරන ලෙස ඉල්ලමින් කෑ ගසනු අපට දක්නට ලැබිණි.

ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ට නුවරදී ලැබුණු උණුසම් ප්‍රතිචාරය ගැන එතුමා තමන්ගේ Twitter ගිණුමෙන් ස්තුතිය පල කර ඇති බව ද දක්නට ලැබිණි.

16 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *