ෆේස් ඇප් සම්බන්ධයෙන් ඇමරිකාව විමර්ශනයක් ඉල්ලයි

වයසට ගිය ආකාරය දැක්වෙන ඡායාරූප ප්‍රසිද්ධ කරමින් සමාජ මාධ්‍යවල මේ දිනවල වේගයෙන් පැතිරී තිබෙන රුසියාවේ නිෂ්පාදිත “ෆේස්ඇප්” මෘදුකාංගය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභික සුළුතර කණ්ඩායමේ නායක චක් ෂූමර් ඉල්ලා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

“ජාතික ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය අවදානමක” යන කරුණු සලකා බලමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) මෙම මෘදුකාංගය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය ආරම්භ කළ යුතු යැයි ඔහු ඉල්ලා ඇත.

මෙම මෘදුකාංගය ඔස්සේ විදෙස් රාජ්‍ය ද ඇතුළුව  ඇමෙරිකා පුරවැසියන්ගේ දත්ත තෙවැනි පාර්ශ්වවලට ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී බවක් මතුවන බව එෆ්.බී.අයි වෙත ලිපියක් යොමු කරමින් ෂූමර් සඳහන් කර ඇත.

(ඒ.එෆ්.පී. පුවත් ඇසුරිණි / Image – The Moscow Times)

13 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *