වයසට යන්නේ බලාගෙනයි

මේ වනවිට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ රැල්ලක් මෙන් පැතිර යන Faceapp යෙදවුම ඔස්සේ වයසට ගිය ඡායාරූප ප්‍රසිද්ධ කිරීම මගින් පරිගණක පරිශීලකයන්ගේ දත්ත අනතුරට ලක්වීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

#AgeChallenge , #FaceAppChallenge වැනි නම් යොදාගනිමින් මේ වනවිට බොහෝ පිරිසක් සිය ඡායාරූප මහලු වයසේ දී පෙනෙන අයුරින් සකස්කර විවිධ සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් තිබෙන අයුරු දැකගත හැකිය. එම යෙදුම භාවිත කරන පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත අදාළ යෙදුම නිර්මාණය කළ අය විසින් ආරක්ෂා කරන්නේද යන්න සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බවත් එම යෙදුම මගින් ජංගම දුරකථනයේ ඇති සියලුම ඡායාරූප තොරතුරු ලබාගන්නා බවත් එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මීට ප්‍රධානම හේතුව වී ඇත්තේ එම යෙදුම නිර්මාණය කළ පුද්ගලයින් විසින්ම එම යෙදුම භාවිතා නොකරන්නැයි ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ කළ සටහනකි.

එබැවින් තම පෞද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් මෙවැනි යෙදුම් රැල්ලට භාවිතා නොකරන්නැයි ශ්‍රී ලංකා තොරතරු තාක්ෂණ සංගමය සියලුම ජනතාවට දැනුම් දෙයි.

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *