රොහාන් පල්ලේවත්ත සත්‍යය

මහේෂ් ගැන කතාවේ රොහාන් පල්ලේවත්ත මහතා වසන්කළ සත්‍යය

රොහාන් පල්ලේවත්ත මහතාගේ පක්ෂයේ නිල FB පිටුවේ මීට දින කිහිපයකට පෙර පළව තිබූ මහේෂ් සේනානායක මහතාට විරුද්ධ ප්‍රතිචාරයක් මුල්කොට අපගේ LK Reports වෙබ් අඩවියේ එහි සඳහන් ලෙසම “රොහාන් පල්ලේවත්ත මහතා මහේෂ් සේනානායක UNP බළල් අතක් බව” පිළිගන්නා බවට ලිපියක් ප්‍රචාරය කළෙමු.

එය සැබෑවටම මලිත් ජයසිංහ නම් පුද්ගලයෙක් සතියකට පෙර විමසූ පැනයකට අප එය දකින්නට පැය 2 ට පමණ පෙර වචන වල වෙනසක් සිදුකර නැතත් දෙවරක් edit කර පිටුවේ පළව තිබූ ප්‍රතිචාරයකි. මෙම ලිපිය සමාජ ජාලවල ද දහස් ගණනින් share වූ අතර මේ පිළිබඳව විකල්ප මත රුචි කරන ජනතාව වඩ වඩාත් කළබල විය.
මෙය ප්‍රචාරය වීමත් සමඟ ඔවුන් එම ප්‍රතිචාරය එතනින් ඉවත්කර තිබුණි. ඒ සමඟ මෙය කෘතිමව සැකසූ බොරු screenshot එකක් යැයි ද අප ඉදිරිපත් කළ තොරතුරු අසත්‍ය යැයි ද පක්ෂයෙන් නිළ ප්‍රකාශයක් මේ පිලිබඳ ලබා දෙනබවද පක්ෂයට සම්බන්ධ පිරිස සමාජ ජාල වල සහ අප වෙබ් පිටුවේ පළ කරන්නට විය.

මේ අතර Facebook හී පලවන මෙවැනි ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති වල නිරවද්‍යාතාවය ගැන කරුණු සොයා බලන 3න් වන පාර්ශවයේ ආයතනයක් වන Factcrescendo ආයතනය මෙම ලිපිය සමබන්ධයෙන් අපගෙන් කරුණු විමසූ අතර එහි දී පළමුව අප රොහාන් පල්ලෙවත්ත මහතාගේ චරිතයට අනවශ්‍ය කැළලක් වන නිසා තවදුරටත් තොරතුරු ලබා දීමට අකමැති බව ප්‍රකාශ කළෙමු. අවසානයේ ඔවුන් mixture නොහොත් අප පලකළ අදහස වැරදි හෝ නිවැරදි බව ස්ථීරව පැවසිය නොහැකි බව fb ආයතනයට වාර්තා කළේ ය. ඒ සමඟම අප වාර්තාකල කරුණු 100% සත්‍ය නොවිය හැකි බවක් ද ජනතාව අතරට ගිය නිසා අප වාර්තා කරන ලද කරුණු වල නිරවද්‍යතාවය සහතික කළ හැකි සාක්ෂියක් අප විසින් ඔවුන්ට ලබා දෙන ලදී.

අප රොහාන් පල්ලෙවත්ත මහතාගේ ප්‍රතිරූපයට අනවශ්‍ය කැළලක් විය හැකි නිසා අප ඔවුන්ට ලබා දුන් බුරුලෙන් අනවශ්‍ය ප්‍රචාරණයක් සහ අප වැරදි තොරතුරක් සමාජකළ බව දැනෙන ලෙස කටයුතු කල නිසා අප මෙසේ සියලු තොරතුරු සමාජගත කිරීමට තීරණය කළෙමු. තවද Factcrescendo ආයතනයට ඉහළ තත්වයේ high resolution රූප රාමු ඔවුන්ට ලබා දුන්විට ඔවුන් FB ආයතනයට මේ තොරතුරු ලබා දී තම තීරණය නැවත හරවන බව ද සඳහන් කලේ ය.

ඔවුන් සමඟ සිදු වූ සියලු සංවාදයන් පහළින් ගෙනහැර දක්වමු.

Factcrescendo: Hi can you send the original image with regards to the story https://lkreports.com/5669-2/

LK Reports: Hello Factcrescendo Sri Lanka, Thank you very much for your request and we highly appreciate your movement. Since we praise the political view of Mr. Rohan Pallewatthe, we don’t like to harm his reputation as a politician and one of the Sri Lankan future leaders. So we don’t intend to give further clues regarding this matter right this moment. But if you want to confirm the authenticity of these comments which are already deleted on their FB page, you can verify the screenshot of the comments that we provided. Thank you.

Factcrescendo: Thanks and yes we did go through it, only issue is that its a low resolution version, think it would be helpful for users also if you could replace the image with a high resolution version to bring more clarity to the issue, just a suggestion

LK Reports:(එම සංවාද සටහනේ හොඳම තත්වයෙන් යුතු ඡයාරූප දෙකක් අපි එම ආයතනයට යවන ලදී. පහත තිබෙන්නේ එම ඡායාරූප දෙකයි.)

FB-comment
Factcrescendo: Ok thanks will check this

Lk Reports: We were informed that you had reviewed our post as a False Content on FB. We are wondering how you came to such a conclusion without having a proper investigation on our post. We have lost our confidence on you as a reliable fact checker on Facebook. But still you can turn your review back by having a proper investigation on this matter. That’s why we are sending the screenshots of that comments in high resolution. If you fail to have a proper investigation and turn your review back, we have to inform this to facebook as well as publishing an article on our web site regarding your status on this matter. Thank You.

Factcrescendo: We have reviewed as Mixture https://srilanka.factcrescendo.com/2019/10/23/fact-check-rohan-pallewatte-fb-confirms-that-mahesh-senanayake-is-handled-by-unp/ 
Factcrescendo: And yes we will send this evidence to FB to verify deleted posts and will revert

Lk Reports: Thank you very much. We hope you will update your web site to correct people who has doubts about our web article, after you verify the authenticity of deleted comments from Facebook.

තව ද Factcrescendo ආයතනය මේ සමබන්ධයෙන් රොහාන් පල්ලේවත්ත මහතාගේ පක්ෂය වන ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් (Social Democratic Party of Sri Lanka) කරුණු විමසා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ ඔවුන්ගේ නිල Facebook පිටුව පරිපාලකයින් හත් දෙනෙක්ගෙන් පාලනය වන බවත්, මේවන විටත් ඔවුන් සියළු දෙනාගෙන්ම අදහස් විමසන ලද අතර, ඔවුන් කිසිවකු විසින් වැරදීමකින් හෝ එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවට සහතික වී ඇති බවයි.

එහෙත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන Factcrescendo ආයතනයට අනුව එම Facebook පිටුවට පරිපාලකයන් 7 ක් නොව 11 දෙනෙක් සිටී. තම නිල මාධ්‍යය හසුරුවන පරිපාලකයන් ප්‍රමාණය හෝ හරි හැටි නොදන්නා රොහාන් පල්ලෙවත්ත ගේ පක්ෂය මෙහිදී එම ඉතිරි පරිපාලකයන් 4 දෙනාගෙන් කරුණු විමසීමට නොහැකි වූයේ ද නැතිනම් සිතාමතා කරුණු සැඟවූයේ ද කියා අපට සැකයක් මතුවේ. අප එසේ සඳහන් කිරීමට හේතුව පක්ෂය විසින් වර්තමානයේ නිකුත් කරන ප්‍රතිචාර වල පරිපාලකයන් 11 සිටිනබව ඔවුන් පිළිගැනීම යි. එසේ පලකළ ප්‍රතිචාරයක්‌ පහතින් දක්වමු.

රොහාන් පල්ලෙවත්ත මහතා වසන්කළ සත්‍යයඒ අනුව ඔවුන් දන්නා ම පරිපාලකයන් 11 දෙනෙක් මෙය හසුරුවන නිසා ආන්දෝලනයකට තුඩුදුන් මොවුන් සඳහන් කල ප්‍රතිචාරය මේ 11 දෙනා ගෙන් කෙනෙකුගේ මිස ඔවුන්ගේ ගිණුමට හොරෙන් ඇතුළු වූ අයෙකුගේ නොවේ.

මේ අතර අනික් පුදුමය නම් මෙම ආන්දෝලනයට තුඩුදුන් ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ Facebook පිළිතුරට අදාල ප්‍රශ්නය මතුකළ මලිත් ජයසිංහ නැමැත්තා තම Facebook ගිණුමේ සටහනක් දක්වමින් පවසා ඇත්තේ එවන් පිළිතුරක් (Reply) ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ Facebook පිටුවෙන් තමන්ට නොලැබුණු බවයි. මේ ගැන තොරතුරු විමසීමේ දී අපට දැනගන්න ලැබුනේ මලිත් ජයසිංහ ගිණුම එම පිටුවේ top fan කෙනෙක් නොහොත් නිතර ගනුදෙනු කරන ගිණුමක් බවයි. තවද එම ගිණුම සත්‍ය පුද්ගලයෙක් ට අයිති නැති සාවද්‍ය ගිණුමක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව අපට තහවුරු වූ නිසා අප එම ගිණුම පිලිබඳව FB ආයතනය දැනුවත් කරන ලදී.

රොහාන් පල්ලේවත්ත මහතාගේ පක්ෂයෙන් නිල ප්‍රකාශයක්

මේ අතර මෙම ආන්දෝලනාත්මක ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නිල ප්‍රකාශයක් සිදුකර ඇති අතර එමගින් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, තමන්ගේ Facebook පිටුවෙහි පළවුනා යයි කියන කමෙන්ටුව ගැන තවදුරටත් පරීක්ෂණ සිදු කරන අතර එය තම පක්ෂයේ හෝ රොහාන් පල්ලේවත්ත මහතාගේ හෝ ප්‍රකාශයක් නොවන බවත්ය.

මෙම ප්‍රකාශයත් සමග අපට මේ සම්බන්ධයෙන් කල්පනා වන කරුණු කිහිපයක් ඇත.

1. ශ්‍රී ලංකාවට නව හෙටක් උදාකිරීම පිණිස බලයට පැමිණිම පිණිස උත්සාහ කරන රොහාන් පල්ලේවත්ත මහතාට සහ එම පක්ෂයට හරිහැටි තමන්ගේ නිළ මාධ්‍ය වන Facebook පිටුවවත් කළමණාකරණය කරගැනීමට නොහැකි බවයි.

2. මෙම කමෙන්ටුව ගැන වූ අපගේ ලිපිය ප්‍රචාරණය වීමත් සමග එම කමෙන්ටුවට අදාල ඔවුන්ගේ පිළිතුර (Reply) Facebook පිටුවෙන් පැය කිහිපයක් ඇතුලත ඉවත් කරනු ලැබුවේය. එම කමෙන්ටුවට ආන්දෝලනාත්මක පිළිතුර සැපයූවේ කවුරුන් ද කියා සමහරවිට ඔවුන් නොදන්නවා විය හැක. (අපි නම් එය පිළිගන්නේ නැත.) නමුත් එම ආන්දෝලනාත්මක ඔවුනගේ Reply එක තම Facebook පිටුවෙන් Delete කලේ කවුරුන්දැයි ඔවුන් නොදන්නවා විය නොහැකිය. එසේනම් එම පක්ෂය අපි වාරතා කළ ආකාරයේ ප්‍රතිචාරයක් ඔවුන්ගේ Facebook පිටුවේ තිබූ බව හොඳාකාරවම දන්නා නමුත් ඔවුන් රඟපාන්නේ එවන් දෙයක් නොදන්නා නොදරුවන් මෙනි. මෙමගින් රොහාන් පල්ලේවත්ත මහතා Market කරන තමන්ගේ හෘද සාක්ෂිය හා සත්‍යවාදීබව ගැන බලවත් ප්‍රශානාර්ථයක් අපට මතුවේ.

3. මේ අතර මේ දක්වා රොහාන් පල්ලේවත්ත මහතා හෝ එම පක්ෂයේ කිසිවෙක් අපගෙන් මේ ගැන කරුණු විමසා නැත. ඔවුන් එසේ අපගෙන් කරුණු නොවිමසන්නේ ඔවුන් මෙම ලිපියේ නියම සත්‍ය දන්නා බැවින් ඔවුන්ට විමසන්න වෙනත් කරුණක් නැති නිසාද?

අවසාන වශයෙන් අපේ පැරණි ජන වහරක් අපි ඔබට මතක් කර සිටිමු.

“උපාසක බළලෝ තමයි මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නේ”

ඔබ මෙවර ජනාධිපතිවරණයේදී උපාසක බළලුන්ට රැවටීමෙන් වලකින්න. ඒ වෙනුවට ජනාධිපතිවරණයේ දී පත්වීමට සම්භාවිතාවය ඇති ඉහළම සුදුසුකම් සැපුරූ අපේක්ෂකයා ට ඔබගේ චන්දය ලබා දෙන්න. හොර බොරු නැති සැබැවටම ජනතාවට සේවය කරන විකල්පයකට ගොඩනැගීමට අවසථාව දී වැරදි ඇති පුද්ගලයන් පිරිසිදු පුද්ගලයන් ලෙස අර්ථකථනය කිරීමෙන් වළකින්න. අපට වැරදි සහිත නායකයෝ දැනටත් සිටිති. විකල්පයක් ලෙස අවශ්‍ය වන්නේ වැරදි නැති දැක්මක් ඇති නායකයෙකි.

රොහාන් දක්ෂ ව්‍යාපාරිකයෙකි. එහි වාදයක් නැත.  එනමුත් ඔහු හෝ ඔහු වටා සිටින අය හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්නේ නැත. භාගවිට හෘද සාක්ෂියේ දුර්වල තැන් නිසා  වැරදි සිදු වෙනවා ද විය හැක.

ඔහුගේ බලාපොරොත්තුව මේ මැතිවරණය නොවේ. මේ මැතිවරණයේ දී උපරිම ප්‍රචාරණයක් ලබා පාර්ලිමේන්තු මැතිවරණය ට තරඟකර ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ය.

රටක් විදිහට නොහිතා දේශපාලන පක්ෂයක් ලෙස සිතීමේ දී එහි කිසි වරදක් නැත. රට ගැන සිතීමේ දී මේ රොහාන් පල්ලේවත්ත මහතා කරන්නේ මහත් විනාශයකි. ජනතා විමුක්ති පෙරමුණ ද වරදවා ගත්තේ ඔතැන දී ය. විශ්වාසය යනු මැටි බඳුනකි. බිදී ගියපසු නැවත ඇලවිය හැකි. එනමුත් පෙර සුන්දරත්වය ලැබිය නොහැකි.

රොහාන් පල්ලේවත්ත මහතා විකල්පයක් ලෙස ප්‍රධාන ප්‍රවාහයෙන් කඩන චන්ද පැහැදිළිවම රටේ අනාගතය ගැන හිතන ප්‍රබුද්ධ ජනතාවකට අයිති ය. රටට ආදරේ මිනිස්සුන්ට අයිති ය. මඩ දේශපාලනය, ජාතිවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කරන ප්‍රවාහයට අයිති ය. දැන් ඒ චන්ද වලින් ඔහුටත් වැඩක් නැත. රටේ ජනාධිපති තෝරන්නත් උපකාර වන්නේ නැත.

ඔහුගේ හෘද සාක්ෂිය මිත්‍යාවකි. මහත් ධනයක් ඇති රොහාන් පල්ලේවත්ත මහතා ඒ ධනය රට වෙනුවෙන් හොල්ලන්නට කිසිඳු උත්සාහයක් නැත. ඔබ අප සමඟ එකඟ නැතිව ඇත. ඒ හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ මිනිසුන් ගැන ඔබ තුළ ඇති අවම දැනුම නිසා විය හැක.   හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ මිනිසෙක් සොයා ගන්නට අවශ්ය නම් අනගාරික ධර්මපාලයන් ආදර්ශයට ගත හැක. රොහාන් පල්ලේවත්ත මහතා ගේ හෘද සාක්ෂිය අනගාරික ධර්මපාල තුමන් සිදුකළ සේවය හා සසඳන විට පුහු මාර්කටින් එකක් පමණි.

අනගාරික ධර්මපාලයන් රටේ, ජාතියේ දියුණුව වෙනුවෙන් කටයුතු කළේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහ දෙකක යකඩ සපත්තුව යට සිට නොවේ. හිරු නොබසින අධිරාජ්‍ය යට සිට ය. ඔහු කළ දෙයින් දාහෙන් පංගුවක් හෝ පල්ලේවත්ත මහතා කර නැතිබව සිහිපත් කරගන්න ට ධර්ම පාලයන් කළ දේවල් සිහිපත් කරගමු.

කිසිඳු දේශපාලන බලයක් නොමැතිව තම ස්වකීය පාරම්පරික ධනයෙන්, අප්‍රතිහත කැප වීමෙන් සහ දානපතියන්ගේ සහයෙන්

  1. ශ්‍රී ලාංකිකයන්ට මිෂනාරී බලපෑමෙන් තොර පාසල් අධ්‍යාපනයක් ලබන්නට රට පුරා පාසල් ඇති කිරීමට දායක වීම. ආනන්ද බාලිකා වැනි පාසල් ඇති කිරීමට ස්වකීය ඉඩම් පරිත්‍යාග කිරීම.
  2. රට පුරා දේශන පවත්වමින් පුරන් කුඹුරු අස්වද්දන්නට කටයුතු කරවීම.
  3. ස්වයං පෝෂිත ආර්ථිකයක් ඇතිකර ගන්නට මිනිසුන් උනන්දු කිරීම.
  4. තම පියාගේ පෞද්ගලික ධනයෙන් විවසායකයින් ජපානය, කල්කටාව ආදී විදෙස් රටවලට යවා, ලංකාව තුළ පිගන්, බිස්කට්, ගිනිකූරු, විසිතුරු මල්, ආදී නොතිබුණු කර්මාන්ත සඳහා පුහුණුවක් ඔවුනට ලබා දී මෙරට නව කර්මාන්ත ඇති කරවීම. අදටත් ඔබ ආහාරයට ගන්නා ප්‍රධාන වෙළඳ නාමයක් ඇති බිස්කට් වර්ගයක ආරම්භයට මූලික හේතුව එතුමා නෝය.
  5. සුද්දන් විසින් විනාශ කරමින් තිබු අටමස්ථානය ආදී අප රටේ සංස්කෘතික උරුමයන් දැවැන්ත අරගලවලට මැදිවෙමින් රැක ගැනීමට කටයුතු කිරීම.
  6. සුද්දන්ගේ වත්තේ වැඩ කරනවා වෙනුවට අපටම වගා වතු තනා ගැනීමට ධෛරිය ලබා දීම.
  7. භික්ෂුව ත්‍රිපිටක අධ්‍යනයට යොමු කර දේශීය හා විදේශ ධර්ම ප්‍රචාරයන් සිදු කිරීමට වැඩම කරවීම.
  8. සුද්දන් අසරණ වන තරමටම ඉතා සාර්ථක ලෙස මත් උවදුර මැඬලීම.
  9. සුද්දන්ට දෙකට නැමුණු ස්වදේශික ජාතියක් වෙනුවට සුද්දන් දෙකට නැමෙන විදිහේ පසු පරපුරක් රටට දායාද කිරීම.
  10. සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් පුවත්පත් මුද්‍රණය කර,රට රැක ගන්න රට දියුණු කරන්න අවශ්‍ය අදහස් සමාජ ගත කිරීම.
  11. දිනකට පැය දෙකක් පමණක් නිදාගෙන පොත් ලියමින් හා තම වාහනයේ රට පුරා යමින් ජාතිය අවදි කිරීම.
  12. නැවෙන් ලෝකය වටා දෙවරක් යමින් බුදු දහම ගැන ලෝකයා දැනුවත් කිරීම. අද දක්වාම බටහිර ලෝකයේ පවතින බෞද්ධ ප්‍රබෝධයේ මුල් පුරුක් මෙතුමාගේ සහ සම කාලීනයන් ගේ ය.
  13. ලෝකවාසී බෞද්ධයන්ට වන්දනා මාන කිරීමට බුද්ධ ගයාව, බරණැස ඇතුළු ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කර දීම. ඒ වෙනුවෙන් ඇති පදමට ගුටි පුජා ලැබීමට සහ වසර ගණනක් ඉන්දියාවේ සිර අඩස්සියේ සිටීමට සිදුවීම.

තව නොකී දෑ බොහෝ ය. එතුමානෝ  රොහාන් පල්ලෙවත්ත මහතා මෙන් මාව ජනාධිපති කරන්න, එතකොට මම කරන්නම්, එතකොට මගේ ධනය සහ දැනුම මම සොලවන්නම් කීවේ නැත.  හෘද සාක්ෂියට එකඟව වැඩකරනවා යනු තමන් පිළිගත් මතය වෙනුවෙන් මුළු හදවතින්ම කැප වීම මිස අනාගත කාල වාක්‍ය සමූහයක් නොවේ.

මෙසේ පෙන්වා දුන්නද රොහාන් පල්ලෙවත්ත මහතා අදහා තම චන්දය අපතේ හෙළන මිනිසුන් සමුහක් ද නැතිවාම නොවේ.

ඕනෑම පුද්ගලයෙක් පිලිබඳ ව මූලිකව ඇතිකරගත් හැගීම මත පිහිටා එම මතය තම දැනුම සහ හැකියාව උපකාර කරගෙන සාධනය හෝ විවේචනය කිරීම සාමාන්‍ය ජන විඥ්ඥානයේ ලක්ෂණය යි.

එනමුත් දේශපාලනය යනු ක්‍රීඩාවක් වැනි දෙයකි. මෙවර සිදුවන්නේ ඔබ ඔබේ දැනුම භාවිතා කර සාධනය කරන පුද්ගලයා ඔහුගේ දේශපාලන දැක්ම උපකාර කරගෙන රටේ අනාගතය තීරණය කිරීම නොවේ. ඒ වෙනුවට දැක්මක අවශ්‍යතාව තදින් දැනෙන, ජනාධිපතිවරයෙක් ගෙන් සීනි බෝල බලාපොරොත්තු නොවන ප්‍රබුද්ධ ජනතාවකගේ චන්ද කොටසක් ඔහුට කඩා ගැනීම ය. ප්‍රබුද්ධ චන්ද එසේ කැඩී ගිය පසු සීනිබෝල ජනාධිපතිවරයෙක් මෙවර ජනාධිපතිවරණයේ දී තේරී පත්වනු ඇත. එසේ වුවහොත් දෙමළ ජාතික සන්ධානය වැනි දේශපාලන පක්ෂ අස්ථාවර රජයන්ට ස්ථාවර වීමට අඩ තැබීමට ඉදිරිපත් කරන ඉල්ලීම් සළකා බලනවිට 2025 දී චන්දය ඉල්ලන්ට රොහාන් පල්ලෙවත්ත මහතාට රටක් හෝ නොතිබෙණු නොඅනුමානය.

2015 සිට මේ දක්වා උගත් පාඩම් රටට ආදරේ නායකයෙක් ට රට රැකගෙන තම දේශපාලන ගමන යාමට ඕනෑවටත් වඩා ප්‍රමාණයවත් ය.

රොහාන් පල්ලෙවත්ත මහතා ගේ දැක්ම ඔබ පිළිගන්නේ නම් ඒ වෙනුවෙන් ඔබගේ මනාපය මාර්තු මසට පෙර එළඹෙන මහමැතිවරණයේ දී භාවිතා කරන්න.
මන් ද අශ්වයා පැනගිය හොත් අස්තාලය වසා නොව වෙල්ඩින් කළ ද තේරුමක් නැත.

25 Comments

  1. බොහොම හොඳයි!
    lkreports
    මහජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම ගැන

  2. මේ කථාව හරියටම හරි. නියමෙටම ලියලා තියනවා. දැන් තමයි උපාසක බලලාගේ කෙරුවාව ගැන යන්තම් හරි පැහැදිලි කිරීමක් ලැබුනේ. 

  3. ඒ කියන්නේ විකල්පයක් කවදාවත් ලංකාවේ දේශපාලනයට එන්නේ නැතිවෙයි කියන එකද සහ එය සුදුසු නෑ කියන එකද?

    1. මේ කතාව ඇත්ත. මේක ලියපු කෙනා විකල්පය ප්‍රතික්ෂේප කරලා නැහැ. මේ වෙලාවේ 30% ක වත් චන්ද ප්‍රතිශතයක් විකල්පය හදාගෙන හිටියානම් විකල්පය විශ්වාස කරන්න තිබ්බා. අනික් අතට ජ.වී.පෙ. කවදාවත් එකතුවෙන්නේ නැහැ. චන්ද විසිරිලා යෑමක් විතරයි වෙන්නේ. 2015 ත් අපට වැරදුනා. වෙනසක් ඕනි කියලා සරමක් ඇඳගෙන ඔලුවෙන් හිටගන්නවා වගේ වැඩ ආය කරන්න ඕනි නැහැ.

      1. මෙතනදි මේ රචකයා අභියෝග කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට නේද? මේ වෙලේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම මින්ස්සුන්ට එපා වෙලා තියන වෙලාවක, විකල්ප මතවාදයක් සහ බලාපොරොත්තුවක් සමාජ ගත වෙමින් තියනකොට ඒ විකල්පය නිෂේධනය කරන උත්සහයක් වගෙයි මට පේන්නේ.

        එයාලට එකවැර දිනන්න බෑ. ක්‍රමිකව දේශපාලනිකව නැගී සිටින්න එයාලට පුළුවන් වෙයි. ඒත් එයාල පලවෙනි දේශපාලනික තරඟයට ඉදිරිපත් වෙනකොටම තරඟ කරන්නත් කලින් ඇයි එයාලව වට්ටන්න හදන්නේ.?

  4. ප්‍රබුද්ධ චන්ද එසේ කැඩී ගිය පසු සීනිබෝල ජනාධිපතිවරයෙක් මෙවර ජනාධිපතිවරණයේ දී තේරී පත්වනු ඇත.

  5. පල්ලේවත්ත මේ වෙලේ කරන්නේ ප්‍රචාරණයක් විතරයි. එයා ඡන්දය බලාපොරොත්තු වෙන ගතියක් පේන්න නෑ. එයා කියන්නේ එයාට රටට නායකත්වය දෙන්න පුළුවන් කියන එක. කිසිම තැනක පොල්ගෙඩියට ඡන්දය දෙන්න කියන එක කියන්නේ නෑ.

    ඇත්තටම පල්ලේවත්ත මේ කුණුවෙච්ච දේශපාළන සංස්කෘතියට අභියෝගයක් කරන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම රටට දැනටමත් වැඩක් කරපු කෙනෙක්. මොකුත් නොකර අනාගත කාලයෙන් කථා කරන කෙනෙක් නෙවෙයි. ඉදිරියට එතුමාගේ වැඩ ගැන අපිට බලාගන්න පුළුවන්.

    ඒක නිසා එතුමව මේ විදිහට නිකරුනේ විවේචනය කරන එක වැරදියි කියලයි මට නං හිතෙන්නේ…

  6. ගෝඨාබය විතරයි මේ වෙලේ සිංහල මිනිස්සුන්ට තියන එකම විකල්පය. අපිට වෙන රටක් නෑනේ… විකල්පය යැයි කියාගන්නා අයව පොඩ්ඩක් අමතක කරලා රටට ප්‍රායෝගිකව දැනට තියන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන් කෙනෙක් මේ පාර තෝරගත්ත නම් තමා හරි. ඒ ගෝඨාබය විතරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *