රණසිංහ ‌‌ප්‍රේමදාසයි ගෝඨාභය රාජපක්ෂයි එක වගේ නායකයෝ. එජාප හිටපු ලේකම් (වීඩියෝ)

හිටපු එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් තිස්ස අත්තනායක මහතා

දවසක් මට වෙච්ච අතදැකීමක් මම කියන්නම්. මම උදේට ටොරින්ටන් එකේ ඇවිදිනවා. පසුගිය දවස් වල හුළඟට එතන තිබ්බ ගහක අත්තක් වැටිලා තිබුණා. ඉතින් අපි අයින් වෙලා ගියා. පහුවදා එද්දිත් ඒ අත්ත ඒ විදිහටම තිබුණා. මම ඊට පස්සේ මම එතන තියන ඔලිම්පික් ජිම් එකට කිව්වා, ඇයි මේක අයින් කරන්නැත්තේ කියලා. මම හිතුවේ ඒක අයිති ඒ අයට කියලා. එයාලා කිව්වා සර් ඕක අපිට අයිති නැහැ ඕක අයිති නාගරික සංවර්ධන අධිකාරියට කියලා. මම ඇහුවා ඉතින් ඔයගොල්ලෝ complain එකක් වත් කරේ නැද්ද කියලා. එතකොට ඔහු කියනවා. අපි කිව්වා සර්, ඒ වුනාට ගොටභය මහත්තයා ඉන්න කාලේ වගේ දැන් කවුරුත් උනන්දුවෙන් බලන්නේ නැහැ  ඉස්සර ගහ වැටුණ ගමන් පිටිපස්සෙන් පිරිසක් එනවා ඒ ගහ අයින් කරන්න කියලා.

ඔය ලක්ෂණය රණසිංහ ප්‍රේමදාස මහත්තයාටත් තිබුණා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපති වෙලා ඉද්දි තිබුණ විශේෂත්වය තමයි ඔහු ජනාධිපති හැටියට යමක් කිව්වොත් ඒ දේ හරියටම වෙනවා, වෙලා තියනවා ද කියලා බලන්න තව මිනිහෙකුත් යනවා. පුංචි වැඩේ වෙන්න පුලුවන්. ලයිට් එකක් දානවා වෙන්න පුලුවන්. ඔහු ලයිට් එකක් දාන්න කියලා කිව්වොත් ඒක කරනවා ද කියලා බලන්න තව මිනිහෙක් එනවා පිටිපස්සෙන්. ඒක නිසා ඒ මනුස්සයා අනිවාර්යෙන්ම ලයිට් එක දානවා.

ඒ command එක රණසිංහ ප්‍රේමදාස මහත්තයා තුළත් තිබුණා, මම දැක්කා ගොටභය රාජපක්ෂ මහත්තයා ලඟත් ඒක තියනවා කියලා. මම දන්නේ නැහැ ගොටභය අනාගතයේ මොනවගේ තැනකට එනවා ද කියලා, හැබයි ඔහු ක්‍රියාකාරී පුද්ගලයෙක් කියලා මම දැක්කා.

16 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *