lanka c news sajith gota දුර්වල රාජ්‍ය පාළනයක් ඇති රටක්..

ඩොලර් බිලියන ලක්ෂයකින් පාන් ගෙඩියක් කන්න බැරි රටක්…

නිවැරදි රාජ්‍ය පාලනයක් නොමැති අවස්ථා වල රටවල් වල උද්දමනය සීග්‍රයෙන් ඉහල ගිය අවස්ථා ලෝක ඉතිහාසයේ අපට කොතෙකුත් දක්නට ලැබෙනවා. උද්ධමනය කියලා කියන්නේ ආර්ථික භාණ්ඩ හා සේවා වල සාමාන්‍ය මිළ මට්ටම අඛණ්ඩව ඉහළ යාම. 

යම් රටක ඩොලර් ට්‍රිලියන 100 කින් බස් ටිකට් එකක් හෝ මිලදී ගන්න බැරි වුනා කියලා කීවොත් සමහර විට ඔබ එය පිළිගන්නට මැලි වේවි. ඇත්තෙන්ම සිම්බාබ්වේ හි ඇති වූ ආර්ථික අර්බුදයේ දී එවන් සෝචනීය තත්වයක් ඒ රටේ ජීවත් වූ ජනතාවට උරුම වුනා. 

දුර්වල රාජ්‍ය පාළනය

වගකීම් රහිත රොබට් මුගාබේ  Robert Mugabe පාලනය ඒ රට විනාස කල අයුරු ඉගෙනගෙන තිබීම ජනාධිපතිවරණයක් ළඟ එන ශ්‍රී ලාංකික ජනතාවට ද ඉතා වැදගත් වනු ඇති.

සිම්බාබ්වේ රාජ්‍ය එංගලන්තයෙන් නිදහස් වුනේ 1980 අප්‍රේල් මාසයේ දී.ඔවුන්  නිදහස ලැබුවත් වගා ඉඩම් විශාල ප්‍රමාණයක් සුදු ජාතිකයන්ට තමයි අයිති වෙලා තිබුනේ. ක්‍රිකට් තරඟ නරඹන ඔබට නම් සිම්බාබ්වේ රාජ්‍යයේ සුදු ජාතිකයන් ජීවත් වීම පුදුමයක් නොවේ. කෙසේ වෙතත් 1990 අග වෙනකොට සිම්බාබ්වේ හි පැවති දුර්වල පාලනය නිසා එරට ආර්ථිකය දරුණුවට කඩා වැටුණා. නමුත් නිවැරදි පිළිතුරු හොයනවා වෙනුවට බලයට කෑදරකමින් හිටිය මුගාබේ කළේ සුදු ජාතිකයන් ඉඩම් අල්ලා ගෙන සිටින නිසා රට සංවර්ධනය ඇනහිට ඇතිබව පවසා රාජ්‍ය මැදිහත් වීම සහිතව සුදු ජාතිකයන්ට පහර දී වගා ඉඩම් අල්ලා ගැනීම.  2001 වසරේ මේ තත්වය දරුණුවටම සිදු වුනා. 1999 දී එක්ලක්ෂ විසිදහසක් සිටිය සිම්බාබ්වියානු සුදු ජාතිකයන් 2001 වන විට පනස් දහස දක්වා අඩුවුනා.

පාලනයේ අත්දැකීම් නැති කළු ජාතිකයන් සුළු කලකින්ම එම වගා ඉඩම් මුඩු ඉඩම් බවට පත්කර ගත්තා. නිෂ්පාදනය කඩා වැටුනා. විරැකියාව වැඩි වුණා. ඒ වාගේම බටහිර රටවල නොයෙක් සම්බාධක වලට ලක්වෙන්නත් මුගාබේ පාලනයට සිද්ද වුනා. 

සීනිබෝල විසඳුම්

කඩාගෙන වැටෙන ආර්ථිකය ගැන වෙනුවට චන්ද බලය ගැන හිතපු මුගාබේ, නිෂ්පාදනය වර්ධනය නොකර මුදල් වැඩිපුර අච්චු ගහන්න පටන් ගත්තා. අවසානයේ මිනිස්සු අත බොහෝ මුදල් තිබුණා. එනමුත් මුදලේ අගය අවප්‍රමාණය වුණා. 

එම රජයට ට්‍රිලියන 100 ක නෝට්ටුවක් පවා සකසන්න සිදුවුනා. ට්‍රිලියන 100 නෝට්ටු( 1 000 000 000 000 000 * 100) සංසරණය වුනා නම් කොයිතරම් මුදලේ අගය පහළ වැටීමක් ද යන්න ඔබට මනාව පැහැදිළි වේවි.

සොචනීයම කරුණ වන්නේ 2009 වන විට ට්‍රිලියන 100 කින් අගනුවරින් බස් ටිකට් එකක් හෝ පාන් රාත්තලක් හෝ මිළ දී ගැනීමට ජනතාව නොහැකි වුණා. එම වසරේ දී රජයට සිම්බාබ්වේ ඩොලරය භාවිතයෙන් ඉවත් කිරීමට පවා සිදු වුණා. 

මුගාබේ පාලනය 2017 වසරේ දී අවසන් වූ අතර ඔහු පසුගිය දිනක එනම් 2019 සැප්තැම්බර් 06  දින සිංගප්පුරු රෝහලක දී මිය ගියා. 

මිලියන 17 ට වඩා ජනගහණයක් සිටින සිම්බාබ්වේ රාජ්‍යයේ  මුගාබේ පාලනය නිෂ්පාදන ආර්ථිකයකට උර නොදී සීනි බෝල සහන පමණක් ජනතාවට දී ජනතාව මුලා කිරීමේ ප්‍රථිපල සැළකිල්ලට ගෙන මෙවර ජනාධිපතිවරණයේ දී දැක්මක් ඇති නායකයෙක් පත්කර ගැනීමට කටයුතු කිරීම ශ්‍රී ලංකාවට ආදරය කරන අප සැමගේ වගකීමකි.

අප රටේ ද නායකයෝ මැතිවරණ පොරොන්දු ලෙස සහන ලබා දෙන බවට පොරොන්දු වෙති. පඩි වැඩි කරන බවට පොරොන්දු වෙති. නොමිලේ ආහාර වෙල් ලබා දෙන බවට පොරොන්දු වෙති. ඒ සෑම තැනක දීම ඒ සඳහා මුදල් වෙන් කරනා ආකාරය නොපවසති. ඉතා අඩුවෙන් නිෂ්පාදන ආරථික සැලසුම් පිලිබඳ කතා කරති.

ඔබ ඔබගේ පරමාධිපත්‍ය බලය නිවැරදිව භාවිතා නොකළහොත්,  අවසානයේ ජනතාව මුලා කර ජනතාව මතම බර පටවා රටම විනාශ කිරීමට මෙවන් දුර්වල නායකයින් ඉදිරියේ දී ද කටයුතු කරනු ඇත.

18 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *