‘පොහොට්ටු වේදිකාවට නගින්නේ නෑ – හැබැයි හූ කියනවට බයත් නෑ‘ – දයාසිරි කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තම පක්ෂය ඉදිරිපත් වුවද පක්ෂයේ රැලිවලට සහභාගීවීමට හෝ වේදිකාවට ගොඩවීමට සූදානම් නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. මාධ්‍ය හමුවේ ඔවුන් ඇසූ පැනයන්ට පිළිතුරු දෙමින් දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේය.

“අපි ගෙයින් ගෙට ගිහින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් දැනුවත් කරනවා. නමුත් අප සූදානම් නැහැ පවතින තත්ත්වය උඩ පොදුජන පෙරමුණේ වේදිකාවට නැගලා ඔවුන් සමග එක්වන්න. ඒකෙන් වැඩක් වෙයි කියලත් අපි හිතන්නේ නෑ. ඒ අනුව ගම්මට්ටමින් හා බිම් මට්ටමින් ප්‍රචාරක කටයුතු අපි කරගෙන යනවා“ යැයිද ඔහු කියා සිටියේය.

එවිට මාධ්‍යවේදියකු අසා සිටියේ “හූ කියනවා බයයි නේද ?“ යනුවෙනි.

“නෑ කිසිම බයක් නෑ“ යැයි දයාසිරි ජයසේකර මහතා පිළිතුරු දුන්නේය.

පසුගියදා පොදුජන පෙරමුණු රැලිවලට එක්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක, ජෝන් සෙනෙවිරත්න හා තාරානාත් බස්නායක යන මහත්වරුන්ට එම රැලිවලදී ඇතැම් පිරිස් හූ හඬ නගා විරෝධය පළ කළ අයුරු දක්නට ලැබිණි. එසේ නමුත් තමන්ට හූ කිවහොත් බලාගන්නා බව දයාසිරි ජයසේකර මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. නමුත් ඔහුගේ ආසනයට සමීපව පසුගියදා කුලියාපිටියේ පැවැති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ රැලියට හෝ ඔහු සහභාගී නොවීය.

(වීඩියෝ – ජාතික රූපවාහිනිය)

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *