Maitree 2020

මෛත්‍රීපාල ජනාධිපති අතීත වැරදි 2 ක් නිවැරදි කරයි..

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පසුගිය සතියේ වැදගත් තීරණ දෙකක් ගත්තේය. එනම් නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු DKP දසනායක මහතාගේත් මහින්ද රාජපක්ෂ පුත් යෝෂිත රාපක්ෂ මහතාගේත් හමුදා සේවය නැවත ස්ථීර කිරීමය.

DKP දසනායක

DKP දසනායක යනු මානූෂීය මෙහෙයුම සමයේදී නාවික හමුදාවේ සිටි ජනප්‍රියම සහ අංශ ගණනාවකින් වගකීම් දැරූ දක්ෂ නිලධාරියෙකි.  LTTE මුහුදු කොටි බලකායට මහත් හිසරදයක් වූ නාවික හමුදා කුඩා බෝට්ටු සංකල්පයේ පුරෝගාමීන් අතර DKP දසනායක මහතාද ඉදිරියෙන් සිටී. එමෙන්ම මානූෂීය මෙහෙයුම සමයේ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක තනතුරට අමතරව මෙහෙයුම් භාර නිලධාරියෙක් ලෙසටද එකවිට තනතුරු ගණනාවකම වගකීම් උසුලමින් ද, DKP දසනායක මහතා මානුෂීය මෙහෙයුම ජයග්‍රහණය කරා මෙහෙයවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට මහත් ශක්තියක් ලබාදුන් නිලධාරියෙකු විය. නාවික හමුදාවේ තේමා පාඨය වන “රට වට බැඳි රන්වැට” සහ මානුෂීය මෙහෙයුම සමයේ රණවිරුවන්ට ශක්තියක්වීම පිණිස ඇරඹි “අපි වෙනුවෙන් අපි” තේමා පාඨයේද නිර්මාතෘවරයා වන්නේ ද DKP දසනායක මහතාය.

2015 බලයට පත් යහපාලන රජය මානුෂීය මෙහෙයුම සමයේදී තරුණයන් 11 දෙනෙකු තම භාරයේ සිටියදී අතුරුදහන් වූයේ යැයි චෝදනා කරමින් DKP දසනායක මහතාව අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී. පසුව අධිකරණයෙන් DKP දසනායක මහතාව ඇප මත නිදහස් කරන ලදී. පුදුමයට කරුණ නම් මේ වනවිටත් නීතිය ක්‍රියාත්මක කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළුව කිසිදු ආයතනයක් DKP දසනායක මහතාගෙන් කිසිදු ප්‍රකාශයක් ලබාගෙන නොතිබීමයි. දැනට කොමදෝරු නිලයේ රාජකාරි කරන දසනායක මහතා ඉදිරියේදී රියර් අද්මිරල් ධූරයට උසස් කරනු ඇති බවට නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

මෙවන් තීරණ වලින් අපට පෙනෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යහපාලන ආණ්ඩුවේ කල වැරදි නිවැරදි කරමින් සිටින සෙයකි.

මානුෂීය මෙහෙයුම සමයේ කොමදෝරු DKP දසනායක මහතා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේය..

 

 

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *