නාගානන්ද

නාගානන්ද ට ඇත්තටම මොකද වුණේ?

2019 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීමේ කටයුතු අද උදෑසන 9.00 සිට 11.00 දක්වා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. එහිදී බොහෝ කලක පටන් මෙවර ජනාධිපතිවරණයට විකල්ප බලවේගයක් වශයෙන් ඉදිරිපත්වීම පිණිස දැවැන්ත ප්‍රචාරණයක් ගෙනගිය නාගානන්ද කොඩිතුවක්කු මහතා ජනාධිපතිරණය සඳහා නාම යෝජනා භාර ‍නොදීම මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා තුල ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත.

2015 ජනාධිපතිවරණයට අවසන් වූ පසු නැවත ජනතාව තුළ ජන ජනාධිපතිවරණය පිළිබඳ අපේක්ෂාවක් නොමැති ව පවතින කාලයේම මීළඟ ජනාධිපතිවරයා තමන් බව පවසමින් නව ප්‍රතිපත්ති සහ අවස්ථාවන් සමාජගත කිරීමට උත්සාහ කල ප්‍රධානතම පුද්ගලයන් දෙදෙනා බවට පත්වූයේ රොහාන් පල්ලෙවත්ත මහතා සහ නාගානන්ද කොඩිතුවක්කු මහතාය. පවතින රජය පිළිබඳව නොයෙක් කලකිරීම් ඇති වුණ සෑම අවස්ථාවකදීම නාගාගේ දැක්ම හැමෝටම සිත් ඇදගන්නාසුළු මාතෘකාවක් බවට පත්විය.

නාගානන්ද ප්‍රති ප්‍රතිපත්ති වෙනුවෙන් එතුමන්ගේ දැක්ම සමාජගත කිරීම වෙනුවෙන් විශාල තරුණ පිරිසක් දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද එක්රැස් වීම දක්නට ලැබුණි ඒ වගේම එතුමා කෙරෙහි විශ්වාසයෙන් බොහෝ ආධාර ප්‍රමාණයක් ද ජනතාව එකතු කරන්නට විය. ඒ සියලු මුදල් තැන්පත් වූයේ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ පෞද්ගලික ගිණුමටය. නමුත් අවාසනාවකට නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙවර  ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමක් සිදු නොකළ අතර නාම යෝයෝජනා භාර දීමට ද ඒ අනුව අවස්ථාව නොලැබුණි ඒ අනුව නාගානන්ද චරිතය මෙවර ජනාධිපතිවරණයෙන් මේ වනවිටත් බැහැරව ඇත. නමුත් එතුමාට කුමක්ද සිදුවී යන්න තවමත් අභිරහසකි. ඒ පිළිබඳව තොරතුරු සොයා බලා ගවේශනාත්මක ලිපියක් ලෙස මෙම ලිපිය සකස් කරන්නට අපි උත්සාහ කළෙමු.

නාගානන්ද කොඩිතුවක්කු මහත්මාගේ ජනාධිපතිවරණ දැක්ම.

නාගානන්ද කොඩිතුවක්කු මහතා තම තම වෙබ් පිටුවේ දක්වා ඇති පරිදි එතුමන්ගේ දැක්ම පහත පරිදි වේ.

ජනතාව විසින් ජනතාව උදෙසා සම්මත කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය.

පහත සැකවින් පලවන්නේ ජනතාව විසින් ජනතාව උදෙසා සම්මත කිරීමට නියමිත නව ජනරජ (ස්වයංජාත) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රධාන ලක්ෂණ වේ. 2019 වසරේ මුල් හය මාසය පුරා මේ සම්බන්ධව ඔබේ වටිනා අදහස් යොමු කල හැක.

වසර 70 පුරා රටේ පොදු සම්පත් මංකොල්ලකන දේශපාලූවන් කිසිදා ජනතාවගේ පරමාධිපත්‍යය ගරුකරන ව්‍යවස්ථාවක් සම්මත නොකරන බව මේ රටේ ජනතාවට දැන් සක්සුදක් සේ ස්ථිරය. එහෙයින් නව ව්‍යවස්ථාව ජනරජයේ බලධරයා වන ජනතාව විසින් තම ව්‍යවස්ථාදායක බලය සෘජුව ක‍්‍රියාත්මක කරමින් සම්මත කිරීමෙන් අනතුරුව, නව රාජ්‍ය නායකයා විසින් එය විධිමත්ව ජනතාව විසින් සම්මත කල බව සහතික කිරීමත් සමගම රටේ උත්තරීතර නීතිය බවට පත්වනු ඇත.

ඒ සමගම නව ව්‍යවස්ථාවේ අන්තර්කාලීන විධිවිධාන යටතේ පාර්ලිමේන්තුව ක්ෂණිකව විසිර යන අතර නව පාර්ලිමේන්තුව සඳහා මන්ත‍්‍රීවරුන් නව ජනරජ ව්‍යවස්ථාවේ විධිවිධාන ප‍්‍රකාර පැවැත්වෙන මැතිවරණයකින් පසුව පත් කෙරෙනු ඇත.

සියලූම ශ‍්‍රී ලාංකිකයින්ට ගෞරවයෙන් හා ආඩම්බරයෙන් පිළිගත හැකි ජනරජයේ උත්තරීතර නීතිය වන ජනතාව විසින්ම සම්මත කරන නව ජනරජ ව්‍යවස්ථාව රටේ අනභිභවනීය අඛණ්ඩ නීතිය බවට පත්වන්නේය. ජනරජයේ පාර්ලිමේන්තුවට නව ජනරජ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හෝ එය පරිච්චින්න කොට නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට ව්‍යවස්ථාදායක බලයක් නැත.

ඒකීය රාජ්‍යයක් වන ජනරජයේ පරමාධිපත්‍යය බලය ජනතාව සතුවන අතර එය විධායකය, ව්‍යවස්ථාදායකය හෝ අධිකරණයට පවරාගත නොහැකි උදුරා ගත නොහැකි සියලූම ආයතන විසින් පිළිගෙන ගරුකළ යුතු උත්තරීතර බලයක් වන්නේය. එම බලයට අධිකරණ බලය, ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, මුලික අයිතිවාසිකම් හා ඡන්ද බලය අයත් වන්නේය.

ජනතාවගේ අධිකරණ බලය පරම විශ්වාසය මත අධිකරණය විසින් (පාර්ලිමේන්තුව සතු අධිකරණ බලය අධිකරණය විසින් නොව) ක‍්‍රියාත්මක කෙරෙනු ලබන අතර එම අධිකරණ බලයට රටේ උත්තරීතර නීතියට පටහැනි වන පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ඕනෑම නීතියක්, චාරිත‍්‍රයක් සහ පුද්ගල නීති සියල්ල අවලංගු කිරීමට බලය ඇත්තේය. පාර්ලිමේන්තුව විසින් අනුගමනය කරනු ලබන නීති සම්පාදනය කිරීමේ සම්ප‍්‍රදාය සහ කාර්ය පටිපාටිය ප‍්‍රශ්න කිරීමටද අධිකරණ බලය ඇත්තේය.

ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් ඡන්දයෙන් පත්කරන නියෝජිතයින් විසින් ජනරජයේ උත්තරීතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති සීමාවන්ට යටත්ව ක‍්‍රියාත්මක කරනු ලබන්නේය. එසේ වුවද ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා හෝ එය පරිච්චින්න කොට නව ව්‍යවස්ථාවක් පැනවීම සඳහා හෝ ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ බලයක් පාර්ලිමේන්තුවට හිමි නොවන්නේය. එවැනි පාර්ලිමේන්තුව විසින් යෝජනා කරන ඕනෑම පනත් කෙටුම් පතක් හෝ නව ව්‍යවස්ථාවක් ජනතාව විසින්ම තම ව්‍යවස්ථාදායක බලය සෘජුවම ක‍්‍රියාත්මක කරමින් සම්මත කිරීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා විසින් සහතික කිරීමෙන් පමණක් නීතිය බවට පත්වන්නේය.

ශ‍්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව

නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක් වන ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිකාරී බලධරයා වන අපි වසර 70ක් පුරා, අත්හළ නොහැකි අපේ ව්‍යවස්ථාදායක බලය, විධායක බලය සහ අධිකරණ බලය උපරිම විශ්වාසය මත සද්භාවයෙන් බලගැන්වීමට බලය පවරනු ලැබූ අප ඡන්දයෙන් පත්කරනු ලැබූ නියෝජිතයන් එම විශ්වාසය සහමුලින් ම කඩකරමින් අපේ එම පරමාධිකාරී බලය සාපරාධී ලෙස කොල්ලකනු අත්දුටුවෙමු. අපේ ඡන්ද බලය සමච්චලයට ලක් කරමින්, නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිගාවට ලක් කරමින්, අපේ නියෝජිතයින් ලෙස පිළිගැනීම, අප විසින් ප‍්‍රතික්ෂේප කළවුන් ව්‍යවස්ථාදායකයට බලෙන් පත්කරනු දැකීමට තරම් අපි අවාසනාවන්ත වූයෙමු.

විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ අතකොළුවන් බවට පත්ව, අපේ අධිකරණ බලය පරම විශ්වාසය මත ක‍්‍රියාත්මක කිරීමට පත්කළවුන් අපේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීමට අසමත් ව පාවා දී අපගෙන් ප‍්‍රසිද්ධියේ සමාව අයදිනු අත්දුටුවෙමු. වසර 70ක් පුරා ප‍්‍රධාන දේශපාලන ධාරාවන් කීපයක් මෙරටේ සම්පත් නැති නාස්ති කර, ජාතීන් භේද කර තම තමන්ගේ බලය තහවුරු කර ගැනීමේ නිර්ලජ්ජිත වෑයමක නිරත වී සිටින අයුරු දුටුවෙමු.

රටේ සිටි බුද්ධිමත්, උගත් අවංක හා අචල දේශපේ‍්‍රමීන් ඝාතනය කර හෝ එසේත් නොමැතිනම් මෙරටින් පිට ව යන තැනට කටයුතු කර විචාර බුද්ධිය මොට කරන අධ්‍යාපන ක‍්‍රමය හරහා තමන්ට යටහත්, කීකරු හා ස්වාමියාගෙන් තොර ලොවක් නොදකින අනුගාමිකයන් බිහිකරනවා දුටුවෙමු. අපේ ව්‍යවස්ථාදායක බලය, විධායක බලය ක‍්‍රියාත්මක කිරීමට අප විසින් විශ්වාසය මත පත්කළවුන්, ජනරජයේ බලධරයා වන අපේ පරමාධිකාරී බලය වචනයට පමණක් සීමාකරමින් එය ප‍්‍රසිද්ධියේ වංචා කරමින් නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ සවාධීනත්වය කෙළෙසමින් රට ප‍්‍රසිද්ධියේ මංකොල්ලකනු දැඩි වේදනාවෙන් අත්වින්දෙමු. එම සැහැසි, දුර්දාන්ත රාජ්‍ය පාලනය ස්ථිරව ම අවසන් කළ යුතු බව අපි පසක් කර සිටිමු.

එහෙයින්, ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිකාරී බලධරයා වන අප විසින් ම, අපේ ව්‍යවස්ථාදායක බලය සෘජුව ම ක‍්‍රියාත්මක කරමින්, ස්ථිරසාර ජනරජ මූලධර්ම තහවුරු කෙරෙන්නා වූ, ජාතික අභිමානය, සමගිය හා ප්‍රෞඪත්වය තහවුරු කෙරෙන්නා වූ, සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගේ නිදහස, පෞරුෂය, සමානාත්මතාව, මිනිස් අයිතිවාසිකම් ආරක්ෂාකරමින්, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහතික කෙරෙන්නා වූ ස්ථිරසාර ආර්ථික හා සංස්කෘතික පදනමක් තහවුරු කරන්නා වූ නව ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මෙසේ රටේ උත්තරීතර නීතිය ලෙස පිළිගෙන සම්මත කොට පනවම්හ.”
මෙතැනින් එම ව්‍යවස්ථාව බාගත කරගත් හැකිය.

එම ව්‍යවස්ථාවට පැහැදුණු බොහෝ ජනතාවක් අති අතිවිශාල මුදල් සම්භාරයක් එතුමාට පරිත්‍යාග කොට ඇති බව සමාජ මාධ්‍ය වල තොරතුරු හුවමාරු වේ. එම මුදල රුපියල් බිලියන එකටත් වඩා අධික බව සමහර සමාජ මාධ්‍ය වාර්තා කරයි.

නාගානන්ද කොඩිතුවක්තු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට හේතුව.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් තවමත් නිල ප්‍රකාශයක් ඉදිරිපත් කර නැති නාගානන්ද කොඩිතුවක්කු මේ පිළිබඳව ඉඟියක් ලබා දුන් අවස්ථාවක් නාගා 2020 ෆේස්බුක් පිටුවේ පළ ව තිබේ. එම වීඩියෝව මෙතනින් නරඹන්න

එහිදී ඔහු සඳහන් කරනුයේ “අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ” නැමැති මහනුවර ප්‍රදේශයේ දේශපාලන පක්ෂයක්  ජනාධිපති ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්පත් වීමට ඔහුට ඔහුට අවස්ථාව දීමට කැමැත්ත පළ කර තිබූ බවත් අභ්‍යන්තරව හා බාහිරව ඇති ප්‍රතිරෝධය හමුවේ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමට ඔහු අවස්ථාව නොදුන් බවත්ය.

එහෙත් ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ “අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ” පක්ෂයේ නිර්මාතෘවරයා එම පක්ෂයේ සභාපතිත්වය මහසොහොන් බලකායේ අමිත් වීරසිංහට මෑතකදී ලබාදී ඇති බවත් ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට එම පක්ෂයේ කිසිම සූදානමක් නොතිබූ බවත්ය.

එමෙන්ම නාගානන්ද මහතා පවසන්නේ තවත් පක්ෂයක් තමන්ට නාමයෝජනා බාරදීම සඳහා අවස්ථාව දීමට කැමැත්තෙන් සිටි නමුත්  එම පක්ෂය ඒ සඳහා රුපියල් මිලියන විස්සක් තිහක් ඉල්ලා සිටි අතර තමන් මුදලට දේශපාලනය නොකරන බැවින්  තමන්  එයට කැමති නොවූ බවත්ය.

ඒ අනුව ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ “අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ” දේශපාලන පක්ෂය සමග නෛතික ගිවිසුමකට නාගානන්ද මහතා යොමු වී නැති බවත් එතුමා ජනාධිපතිවරණ කටයුතු පිළිබඳව අවබෝධයක් නැතුව මේ අවස්ථාවේ ක්‍රියාත්මක වීම නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇති අවස්ථාව මඟ හැරී ගොස් ඇති බවයි

1 Comment

  1. His warning is absolutely correct. The Mastermind behind the Attacks will be none other than the same person, Saharan’s Boss who directed the Easter Sunday Terrorist attack.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *