LK reports news sinhala

ජනපති අපේක්ෂකත්වයට කිසිදු බාධාවක් නෑ – ගෝඨාභය කියයි

තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන ඇති බැවින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්වීමට තමන්ට කිසිදු බාධාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (22) එම පක්ෂ කාර්යාලයේ පැවැති පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවකට එක්වෙමින් පැවැසීය.

පසුගිය අප්‍රේල් මස 17 වැනිදා සිට ඇමරිකා පුරවැසිභාවය ඉවත්කර ගත් බවට තමන් මේවනවිට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්වත් කර තිබෙන බවත් ඒ අනුව ද්විත්ව පුරවැසියකු ලෙස සඳහන් කරමින් නිකුත්කර තිබූ විදෙස් ගමන් බලපත‍්‍රය අවලංගුකර ශ්‍රී ලාංකික පුරවැසියකු බව සඳහන් කරමින් තමන්ට නව ගමන් බලපත‍්‍රයක්ද නිකුත්කර තිබෙන බවත් රාජපක්ෂ මහතා කියා සිටී.

එහෙත් තම පුරවැසිභාවය සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය ප‍්‍රචාරය කරමින් අධිකරණමය ක‍්‍රියාමාර්ගයකින් හෝ ප‍්‍රශ්න ඇති කිරීමට ඇතැමුන් උත්සාහ ගන්නා බවද ගෝඨාභය මහතා පවසා ඇත.

(උපුටා ගැනීම – ලංකාදීප)

1 Comment

  1. ජනපති අපේක්ෂකත්වයට කිසිදු බාධාවක් නෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *