චන්න ජයසුමන UNP මඩ ප්‍රචාරය නිවැරදි කරයි.

වෛද්‍ය චන්න ජයසුමන මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සංස්කරණය කර සමාජ ජාල ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අවාසි සහගත ලෙස ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් චන්න ජයසුමන මහතා තම fb පිටුවේ සටහනක් තබමින් මෙසේ සඳහන් කරයි.

“කඳුලින් ලියැවුණු රටක අපේක්ෂා”

සංසුන්ගම ඤාණරතන හිමි ලියා පළ කළ “කඳුලින් ලියැවුණු රටක අපේක්ෂා” නම් කෘතිය ඊයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එළි දැක්විණි. එහි මුලසුන දැරුවේ මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර හිමිපාණෝ ය. ප්‍රධාන පැවිදි දෙසුම මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියනුත්, ගිහි දෙසුම මා විසුනුත් සිදු කරන්නට යෙදුණි. ඊට අමතරව ගලගොඩඅත්තේ ඤාණසාර හිමි, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ සහ වෛද්‍ය රත්නසිරි බණ්ඩාර ද කෙටි දෙසුම් පැවැත්වූහ. එහිදී මා විසින් සිදුකළ කතාවේ කොටස් කිහිපයක් යොදා ගෙන විජාතික කඳවුරේ සමාජ මාධ්‍ය හසුරුවන කිහිපදෙනකු වැරදි අර්ථයක් එන ලෙස ඒ පළ කර තිබෙනු දුටුවෙමි (එය මාධ්‍ය සාකච්ජාවක් ලෙස පෙන්වන වීඩියෝවක් ද මම දුටුවෙමි).

අපේ කඳවුරේ අඩුපාඩු ගැන අභ්‍යන්තර සහ ප්‍රසිද්ධ සංවාද, විවේචන අපට ඇත. ඒවා නතර කරන ලෙස ද කිසිවකු කියා නැත. කොටින්ම වහලුන් මේ කඳවුරේ නැත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය මෙතරම් සාර්ථක වීමට හේතුව ද අප අතර ඇති මේ සංවාදයයි.

ජනාධිපතිවරණය පමණක් නොව ඉන් එපිට ද අපි දකින්නෙමු. නිවැරදි කර ගත යුතු අඩුපාඩු මෙන්ම වර්ධනය කරගත යුතු යහ ලක්ෂණද අපි පෙන්වා දෙන්නෙමු. සරසවි ඇදුරන් බිම ඇදගෙන ගොස් කාණුවල දමා පහරදුන් එජාපය ප්‍රමුඛ විජාතික කදවුරට නැත්තේම මේ ගුණයයි. දේශප්‍රේමී වියතුන්, උගතුන් පාර්ලිමේන්තුවට ගෙන ඒමද අරගලයකි. ඒ අරගලයට අපි නායකත්වය ලබා දෙන්නෙමු. එවැන්නෝ නැති විජාතික කඳවුර, අපේ කතා ගැන දක්වන උනන්දුව අඩුම ගණනේ MCC ගිවිසුම ගැන දැක්වුවානම් උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්වහන්සේට අද මාරාන්තික උපවාසයකට යොමු වීමට සිදු වන්නේ නැත.

(මගේ වීඩියෝවක් boost කිරීමට ඩොලර් දහස් ගණනක් වැය කළ සැමට ප්‍රණාමය පිරිනමන අතර මගේ අනෙක් වීඩියෝ සඳහා ද එවැනිම ප්‍රචාරයක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි).

චන්න ජයසුමන

 

 

https://www.facebook.com/jayasumanachanna

17 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *