lk reports news | amith weerasinghe

ඡන්ද ලක්ෂ දෙකක් ගලවන්න අමිත් වීරසිංහත් මැතිවරණයට

01 දේශපාලනය නොකිරීම මහසොහොන් බලකායේ ඔබේ ප්‍රතිපත්තියක්. ඔබ එය කැඩුවා නේද? 

මම පසුගිය කාලය පුරාම හිටියේ හිර ගෙදර.. හේතුව සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටීම.  ජාතිය වෙනුවෙන් අනිවාර්යෙන් පෙනී සිටිය යුතු අය හැංගෙද්දි මම පෙනි සීටීම බරපතල වරදක් වුනා.. මම අපේ යම් යම් ඉල්ලීම් වෙනුවෙන් හිර ගෙදර දින ගණන් උපවාස කලා. මාරාන්තික උපවාස කලා. කොච්චර මාරාන්තිකද කිව්වොත් අදටත් වකුගඩු වලට වුන හානීයට තුන්වේලම බෙහෙත් බොනවා.   ඉතිං… එහෙම ඉද්දී තමයි මම කල්පනා කලේ මේ වැඩ පිලිවෙළ තනන්න ඕනේ කියලා.. ඔබ කවදා හරි දවසක කියලා තියනවාද..?  “උනුත් එකයි මුනුත් එකයි.. කාලෙන් කාලයට දෙපැත්ත මාරු කර කර මේ අය දේශලපාලනය කරනවා. අපි හම්බ කරගත්තොත් තමයි අපි කන්නේ අපිට උන්ගෙන් වැඩක් නැ..”  අමිත් වීරසිංහ

මෙහෙම කියපු අය දහස් ගණනින් ලක්ෂ ගණනින් ඉන්නවා. අන්න ඒ අය වෙනුවෙන් තමයි මම මේ වැඩපිලිවෙළ බිහි කලේ..  මම කැමැති ඔබ මගෙන් තව දුරටත් ප්‍රශ්න කරද්දි ඇයි දේශපාලන පක්ෂයක් බිහි කලේ කියලා අහනවා වෙනුවට ඇයි මේ විදිහේ වැඩපිලිවෙළක් බිහි කලේ කියලා අහනවාට. මොකද මම බිහිකලේ දේශපාලන පක්ෂයකට එහා ගියපු දේශපාලන වැඩ පිලිවෙළක්. මේ වැඩ පිලිවෙළ ගමට ගියොත් කවුරුත් දේශපානයට බනින්නේ නැති වෙයි. මගේ රටත් ජාතියත් ආගමත් මේ රටේ ආර්ථිකයත් රැකෙයි. දේශපාලනය තුලින් හොරෙක් හොයා ගන්නත් බැරිවෙයි. 

LK reports News
02 මොකක්ද මේ වැඩ පිලිවෙල සහ එහි විශේෂත්වය..?

මේ තමයි මේ විදිහේ ව්‍යවස්ථාවක් තියන අපේ රටේ එකම දේශපාලන පක්ෂය. මූලීකම කාරණාව තමයි මේ පක්ෂයෙන් මැතිවරණය සදහා තරග කරන කිසිම අපෙක්ෂකයෙකුට නාම යෝජනා දෙන්න පක්ෂයට බලයක් නැ කියන කාරණාව. එහෙනම් ඒ බලය කාටද තියෙනනේ..? ඒ බලය අපි ලබා දීලා තියෙන්නේ ගමට.. ගමේ තියන සමිතියට ගමේ තරුණ පිරිසට මරණාධාර සමිතියට ගොවි සමිතියට බලය තියනවා තමන් වෙනුවෙන් කතා කරන ගමේ ඉන්න නායකයව මැතිවරණයක් සදහා ඉදිරිපත් කරලා තමන්ගේ දේශපාලන නියෝජිතයව තමන් විසින්ම පත්කර ගන්න.  ප්‍රදේශිය පළාත් හා ජාතික දේශපාලනයට යනකන්ම නායකයා තෝරා ගන්නේ පක්ෂයට අවශ්‍ය විදිහට නෙවෙයි ගමට අවශ්‍ය විදිහට. ඒ සදහා පක්ෂ ව්‍යවස්ථාවෙන්ම ගමට බලය දීලා තියනවා. මැදමුලනේ වලව්ව, සිරිකොත, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලාස්ථානය අපේ ගමේ නායකයා තෝරනවා වෙනුවට අපි පන්සලේ හාමුදුරුවන්ට ඒ බලය ලබා දෙනවා.

අපේ රටේ තියෙන්නේ පක්ෂ දේශපාලනයක්. මේ පක්ෂ දේශපාලනයෙන් අපිට අවශ්‍ය ජාතික දේශපාලනයට අපේ රටේ තරුණයා අරගෙන යන්න. මින් මතුවට අපේ රටේ මහජනයා දැන ගන්ට ඕනේ කාරණාවක් තමයි… මේ රටේ තියන ඕනෑම පක්ෂයකින් ගමට එවන ඕනෑම අපෙක්ෂකයෙක් ඉදිරිපත් කරනවා වෙනුවට  දැන් ගමේ ඉන්න හොදම භාණ්ඩේ.. එහෙමත් නැතිනම් හොදම පුද්ගලයා මැතිවරණය සදහා ඉදිරිපත් කරන්න ගම්වාසින්ට බලයක් ලබා දුන්න මේ රටේ පළමු හා එකම දේශපාලන කඳවුර බිහිවෙලා අවසන් කියන එක. 

ගමේ පාර කැඩුනම මම ඒක හදලා දෙන්නම් කියන ගමට විදුලිය වතුර දෙන්නම් කියපුවාම ගම් පිටින් එකතු වෙලා මරණාධාර සමිති ක්‍රීඩා සමිති තරුණ සමිති එක මිනිහෙකුට ඡන්දය දුන්නනම් ඒ යුගය දැන් අවසන්. දැන් තියෙන්නේ අපේ ප්‍රශ්නය අපිම විසඳ ගන්නම්. අපේ පාර අපිම හදා ගන්නම් කියලා ගම සහ පන්සල එකතු වෙලා එක චරිතයක් නීර්දේශ කරලා මැතිවරණයකට ඉදිරිපත් කරන්න. මම හිතනවා අපේ රටට නායකයෝ තැනෙන්ට ඕනේ හාමුදුරුවන්ගේ කහ චීවරේ ආශ්‍රය කරගෙන. අන්න ඒකයි මම පක්ෂ දේශපාලනයක් වෙනුවට ජාතික දේශපාලනයක් බිහි කලේ 

අමිත් වීරසිංහ
03 ඇයි මෙහෙම දේශපාලන කඳවුරක් බිහි කරන්න හිතුවේ..?

 සිංහල බෞද්ධ අපි මේ ලෝකයේ වේගයෙන්ම වඳවෙන ජාතිය. අපි හරි අසරණ ජාතියක්. අපි මේ රටේ මහා ජාතිය වුනාට අපි මේ ලෝක ජනගහනය එක්ක බලද්දි බොහොම සුළුතරයක්. අපි ජාතියක් විදිහට ගොඩාක් අසරණ වෙන්න හේතුව තමයි මේ පක්ෂ දේශපාලනය. ඉතිං ඒ පක්ෂ දේශපාලනය මේ රටින් අතුගා දමන්න නම් ඒ වෙනුවට ජාතික දේශපාලනයක් අවශ්‍යයි. ඒ පක්ෂ දේශපාලනය අතු ගෑවුන දවසට මේ රටේ සිංහල බෞද්ධයාගේ අසරණ කමත් අතුගැවිලා යයි. අපි අපේ රටේ අපි ශක්තිමත් ජාතියක් බවට පත්වෙයි. ගමේ තරුණයාගේ හදවත තේරුම් ගත්ත තරුණ නායකයෝ ගමෙන් බිහිවෙයි. අතීතයේ අපේ ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ට රාජකාරියක් තිබුනා. ගමේ නායකයා තනන්ට..  හැබැයි පක්ෂ දේශපාලනය ගමට ගිය නිසා හාමුදුරුවන්ගේ රාජකාරිය සුද්ද හදපු කළුසුද්දන් අතට ගියා.. බෞද්ධ භික්ෂුව නිර්මාණය කරපු අභිමානතවත් මොණරවිල කැප්පෙටිපොළ පන්නයේ නායකයන් වෙනුවට හාමුදුරුවන්ටම සිංහල ජාතියටම පහර ගහන, ගරහාන මොල්ලිගොඩලා එක්නැලි ගොඩලා බිහිවුනා. මේ අපි හදපු වැඩ පිලිවේළ නිසා නැවතත් බෞද්ධ භික්ෂුන් වහන්සේට කැප්පෙටිපොළ පරපුරක නායකයෝ තනන්ට අවස්ථාව ලැබෙයි.


04 ඔබ විශ්වාස කරනවාද එහෙම වෙයි කියලා. 

අනිවාර්යෙන්ම.. ගමෙන් අපෙක්ෂකයෙක් මැතිවරණය සදහා ඉදිරිපත් කරද්දි එයාට සිද්ධ වෙනවා ගමට හා පන්සලට අවංකව සේවය කරන්ට. එහෙම නැති වුනොත් ඊලඟ පාර එයාට ටිකට් එක නැතිව යනවා. මොකද වසර පහකට පස්සේ නැවතත් මැතිවරණයක් සදහා ටිකට් එක ලබා දෙන්නේ ගමේ පන්සල හා ගම්වාසීන්. එතනදි අපෙක්ෂකත්වයට පත්වෙන පුද්ලගයා කවුරු උනත් එයාට සිද්ධ වෙනවා ගමේ මිනිසුන්ගේ හඳවත තේරුම් අරගෙන කටයුතු කරන්න. පන්සලට අවනත වෙන්න. එහිදි පක්ෂයට නෙවෙයි ජාතියට සේවය කරන්න අපේ මන්ත්‍රීවරුන්ට සිද්ධ වෙයි. 

05 අපේ මිනිසුන් කිව්වොත් ඔබත් දේශපාලනයට ගියාට පසුව වෙනස් වෙයි කියලා.. මොකක්ද ඒකට තියන උත්තරය.?

මම කලින් කිව්වේ ඒක තමයි. සෑම වසර පහකට පසුවම මමත් මගේ ආසනයේ  තියන කමිටුවේ නැතිනම් මහජන අධිකරණයේ තීන්දුවට අනුව මැතිවරණය සදහා ටිකට් එක ලබා ගන්න ඕනේ. එතනදි මාව එපා නම් මහජනතා කමිටුවට පුළුවන් මාව ඉවත් කරන්න. එතනදි තියන ඡන්දයෙන්ම අඩුම තරමේ මට මැතිවරණය සදහා තරඟ නොකරන්නට ඉඩ තියලා එලවන්ට පුළුවන් තරම්ම බලයක් අපි මහජනතාවට දීලා තියනවා.


06 කවුද ඔය  කමිටුවේ ඉන්නේ..?

පක්ෂ ව්‍යවස්ථාවට අනුව අපි ආසනයක් තුල කමිටුවක් හදනවා. ඒ කමිටුවේ අංක එක තමයි උත්තරිතර මණ්ඩලය. ඒක නියෝජනය කරන්නේ ආසනයේ ඇති පන්සල් වල හිමිවරුන් ඊට පස්සේ ආසන සංවිධායක ඊලඟට ආසනය තුල නියෝජ්‍ය ආසන සංවිධායක වරුන් පස් දෙනෙක්. ඊට පස්සේ ඒ ආසනය තුල තියන ග්‍රාමසේවා වසමකට එක් අයෙකු බැගින් වසම් සංවිධායක සහා ග්‍රාමසේවා වසම් නියෝජ්‍ය සංවිධායකවරු පස්දෙනෙක්. මේ අය සෑම මැතිවරණයකට පෙරම එකට එකතු වෙලා මැතිවරණයේදි නාම යෝජනා ලබා දීම පිලිබඳව කටයුතු කරනවා. මෙහිදි අපෙක්ෂකයෝ පස් දෙනෙකු කමිටුවේ  ඉදිරියේ තමන්ගේ ඉදිරි දර්ශනයත් පසුගිය කාලයේ තමන්ගේ පළාතට කරන ලඳ සේවයත් එක්ක කමිටුවේ බහුතර ඡන්දයකින් අපෙක්ෂකත්වය ලබනවා. අන්න ඒ ආසනයේ බහුතර ඡන්දය ලැබෙන අපෙක්ෂකයාට මැතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්.

07 එතකොට කොහොමද මේ ක්‍රමය ගම තුළට බලපාන්නේ.. ඒ කියන්නේ ප්‍රදේශිය සභා මැතිවරණයට..?

ප්‍රදේශිය සභා මැතිවරණයේදි පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව අර මම කලින් කිව්ව ගමේ පන්සල, ග්‍රාමසේවා වසම් සංවිධායක හා නියෝජ්‍ය සංවිධායකවරුන් පස් දෙනාට අමතරව කාරක සභිකයන් දස දෙනෙකු ඉන්නවා. අන්න ඒ අය ප්‍රදේශීය සභා මැතිවරණයේදි ගමේ ඉන්න වැඩේට ගැලපෙනම චරිතය පක්ෂයට නිරදේශ කරලා එවනවා. අන්න ඒ විදිහට තමයි එතන සිද්ධ වෙන්නේ.  එහිදිත් අර කලින් වගේම ගමේ ඉන්න අපෙක්ෂකයන්ට තමන්ගේ වැඩපිලිවේල ගමේ කමිටුවට ඉදිරිපත් කරලා කමිටුවේ කැමැත්ත ගන්න වෙනවා. 

08 මේ වගේ ක්‍රමයක් තිබුණොත් අපේ රටේ වෙනසක් කරන්න පුළුවන් වේවි කියලා හිතනවාද..?

  ඔබ දන්නවාද මේ වෙද්දි අපේ රටේ ණය ත්‍රිලියන එකෝලහක්.. හැබැයි ගත්ත ණය වලින් මේ වෙද්දි කරපු වැඩ විගණය කරලා බලද්දි විගණන වාර්ථා වලට අනුව ගියපු වියදම ත්‍රිලියන දෙකයි.. ඉතිරි ඒවට වුන දෙයක් නැ.  කෝ මේ සල්ලි.. මේ සල්ලි 225 වගේම අපිව නියෝජනය කරන පහලම ප්‍රදේශිය දේශපාල‍ඥයා වෙනකන්ම ගිලලා.. හොරා කාලා.. සංවර්ධනය උදේසා රටට ලැබෙන මුදල් කාබාසනියා කරන්නේ මොහුන්ට නිරතගයෙන්ම මැතිවරණය සදහා අපෙක්ෂකත්වය ලැබෙන නිසා. හැබැයි මේ අපි හදන වැඩපිලිවේල නිසා ගමට ආසනයට වැඩක් නොකරන දේශපාලඥයාට ඉතිං සොරියි තමයි.


09 අවසානයේ මොනවද කියන්න තියෙන්නේ..?

මුලින්ම අපේ හාමුදුරුවන්ගෙන් ඉල්ලා හිටිනවා අපේ හාමුදුරුවනේ ගම්මානය තුල නැවතත් අරඹමු ඉතිහසේ වගේ නායකයෝ තනන වැඩපිලිවේල අපේ හාමුදුරුවන්ට ඇකැප පක්ෂ දේශපාලනය මිසක් අතීත භික්ෂූන් වහන්සේ වගේ දුටුගැමුණු තනන වලගම්භා රජුන් තනන ජාතික දේශපාලනය නෙවෙයි. ඒ හින්දා මම ඉල්ලා හිටිනවා අපේ හාමුදුරුවන් වහන්සේලාගෙන් මේ රටේ පන්සල් දොලොස්දහකින් දැන් නැතවත් නායකයෝ තනන ජාතික දේශපාලනයට අඩිය තියන්ට කියලා..

 ඒ වගේම අපේ රටේ මිනිසුන්ටත් කියන්න කැමැති හැමදාම දේශපාලනයට බැන බැන හිටියා දැන් ඇති. දැන් ඔබට දේශපාලනයේ නියැලෙන්නට අවස්ථාව අපි හදලා තියනවා. ගම්මාන පිටින් එන්න.. අපි කදවුරු හදමු. ගමේ තියන සමිතිය ඉක්මනින්ම මේ වැඩපිලිවෙළත් එක්ක  එකතු වෙන්න කියලා ඉල්ලා හිටිනවා. තරුණ බාල මහළු මේ හැමෝම බලාපොරොත්තු වන දියුණු සංවර්ධිත රාජ්‍යක් තනන්ට එන්න කියලා මම අරාධනා කරනවා. 

අද ඉදන් පාලකයන්ගේ අඩුපාඩු දකිද්දි.. පාරේ යද්දි පාර කැඩිලා තියෙද්දි.. හෝරා කාපු පාලකයෝ ගැන ඇහෙද්දි.. මේ රටේ අපිට වෙන අසාධාරණ කම් දකිද්දි ඇහෙද්දි.. ඔබ ඒ ගැන විවේචනය කරද්දි..  මතක තියා ගන්න ඔබට අවශ්‍ය ඔබ බලාපොරොත්තු වුන වැඩපිලිවල අපි හදලා අවසන් කියලා.. දැන් තියෙන්නේ ඔබේ පරක්කුව විතරයි.. විතරමයි…  අමිත් වීරසිංහ

 

 අමිත් වීරසිංහ සම්බන්ධීකරණ ලේකම් සෝහිත හිමි 0777-214  261 / 071- 63 55 329 |  Youtube Channel

 

3 Comments

  1. ඡන්ද ලක්ෂ දෙකක් කාගෙන්ද ගලවලා තියෙන්නේ? කාගෙන්ද ගලවන්නේ? ඇයි මේ බොරු මාතෘකා දාන්නේ?

  2. Amith sahodaraya obage aramuna sarthakai habai passe eka eka ge labba assata ringanna yanna epa api lasthii idiriyedi obath samaga ekathu venna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *