ආනන්ද විද්‍යාලයේ ගොඩනැගිල්ලෙනුත් දේශපාලන වාසි ගන්න හදයි

කොළඹ ආනන්ද විද්‍යාලයේ මහල් 7 කින් යුතු ගොඩනැගිල්ලක් වැඩ අවසන් වීමට පෙර දේශපාලන වාසි ලබාගැනීමට වත්මන් රජය විවෘත කරන්නට සූදානමින් සිටින බවට මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් යොමු කර ඇත.
එම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය පවසන්නේ
මහල් හතකින් යුත් මෙම ගොඩනැගිල්ලට 2015 වසරේ ජනවාරි 01 දා මුල්ගල තබා ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවය. මේ වන විට රාජපක්ෂ මහතාගේ නම සඳහන් සිහිවටන ඵලකය ඉවත් කර වෙනත් ඵලකයක් එහි සවිකර ඇති බවත් මෙම ගොඩනැගිල්ලේ ඇතුළත වැඩ මුළුමනින්ම අවසන්ව නැති අවස්ථාවක පිටත බිත්ති අවසන් කර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ හා අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමැතිවරයාගේ නම් සඳහන් පුවරුවක් සමග
මෙය විවෘත කිරීමට යන්නේ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් නිසා බවයි.

17 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *