කවුද මේ අලුදෙනිය් සුබෝධි ස්වාමින් වහන්සේ

සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරය පිළිබඳව මේ වන විට පැන නැගී ඇති අර්බුදය සමාජය තුල ඉතාමත් ආන්දෝලනාත්මක කතිකාවතක් ඇතිකර තිබෙනවා.

මෙම අර්බුදය තුල ඉතමත් කැපී පෙනෙන චරිතයක් වන පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමි පිළිබඳව ගවේෂණාත්මක ලිපිකරුවෙකු විසින් අප හට එවූ ලිපියක් අප විසින් පහත දක්වා ඇත.

 

කවුද මේ අලුදෙනිය් සුබෝධි ස්වාමින් වහන්සේ …..

කිරිබත්ගොඩ ඥාණානන්ද පින්වත් ලොකු ස්වාමින් වහන්සේ අනුශාසනා යටතේ මොනවද උන්වහන්සේ කරලා තියෙන්නේ……

වකුගඩු රෝගයෙන් පීඩාවට පත් පළාත්වල ජල පිරිපහදු මධ්‍යස්ථාන 71 හරහා පිරිසිදු වතුර ලීටර් කෝටි 8 ක් දන් දීලා , ඉදිරියටත් දෙන හිමි නමක්.. https://purewater.lk/

දරුවන් 1000 ට අධ්‍යාපන ශිෂ්‍යත්ව දෙන හිමි නමක් https://purewater.lk/

වාර්ෂිකව වැඩිම රුධිර ඒකක ප්‍රමාණයක් ජාතික රුධිර සංචිතයට එකතුකරන ආයතනය වෙමින් වසර හතරක් ඇතුලත රුධිර ඒකක 6000 ට ආසන්නව දන් දෙන්න කටයුතු කල හිමිනමක්. https://sco.lk/sinhala/blood-donation/

සෑම මසකටම වරක් කොළඹ අක්ෂි රෝහලට ( කොවිඩ් නිසා දැනට නවතා ඇත.) පෝෂ්‍යදායී කැඳ වීදුරුවක් සමඟ උදැසන අහාර වේලක් පුජා කරන හිමි නමක්.

Shraddha – Gilana Dana – SINHALA

මරණයට කැපවුන ගවයින් 3100 ක් නිදහස් කර ඔවුන් ආරක්ෂිතව සිටීදැයි සොයා රැකබලා ගන්නා හිමි නමක්. https://sco.lk/sinhala/shraddha-abhaya-daana-sinhala/
shorturl.at/mDH07

කෝටි ගණනින් ගංවතුර , නියං හා කොවිඩ් ආදී විපත් වල දී මිනිස්සුන්ට ආහාර , ඇඳුම් , වෛද්‍ය උපකරණ , ICU ඇඳන් ලබා දුන් හිමි නමක්

Shraddha – Asarana Sarana – SINHALA

උන්වහන්සේ කරපු පිංකම් ටිකක් බලාගන්න ඕනිනම් පිවිසෙන්න https://sco.lk/all-videos/

කවුද මේවා කරන්න මෙච්චර උදවු කරන්නේ ????? CIA එකෙන් ද?

නැහැ. මහමෙව්නාවේ සදහම් වැඩපිළිවෙල හරහා ශ්‍රද්ධාව උපදවා ගත්ත සිංහල මිනිස්සු..

ලොකු ලොකු දායකයෝ ද?

ශ්‍රද්ධාවෙන් හා අත්හැරීමේ ගුණයෙන් නම් ලොකුයි. හැබැයි හුඟ දෙනෙක් ඉන්නේ මාසෙකට 1000 ගානේ වගේ පිංකම් වලට දෙන අය.

උන්වහන්සේ film producer කෙනෙක් ද?

වකුගඩු රෝගය ගැන මිනිස්සු කතා නොකරන නිසා මේ වෙනකොට පොළොන්නරුවේ සමහර ප්‍රදේශ වල 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක් වකුගඩු රෝගියෙක් . කොළඹ නෙවේ නිසා කාටවත් ගානක් නැහැ. මේ මිනිස්සුන්ට ජල පිරිපහදු මධ්‍යස්ථාන හදන්න ක්‍රමයක් විදිහට තමයි film එකක් හදව්වේ…
වකුගඩු රෝගය පිලිබඳ භයානක කතාව ලෝකෙට ගෙනියන්න ඕනි නිසයි , ජාත්‍යන්තර සිනමා උළෙල වලට නිෂ්පාදක වශයෙන් පෙනී සිටියේ.
https://www.imdb.com/title/tt9715926/

film එක ආදර කතාවක් ද?

නැහැ. අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ නිර්මානශිලී දරුවන්ට වෙන කණගාටුදායක අවසානය සහ වකුගඩු රෝගය ගැන තියෙන්නේ. මෑත කාලයේ වැඩිම ජාත්‍යන්තර සම්මාන ලංකාවට ගෙනාපු චිත්‍රපටිය ඒක. අපි කවුරුත් දන්න ජැක්සන් ඇන්තනී මහත්තයාටත් පළවෙනි ජාත්‍යන්තර සිනමා සම්මානය ලැබුණේ ඒ චිත්‍ර පටියෙන්. චිත්‍ර පටිය නිසා ජල පිරිපහදු මධ්‍යස්ථාන 20 ක් විතර අලුතින් ඉදිකරලා තියනවා. https://theotherhalfsrilanka.org/

ඔය ඔක්කොම ප්‍රසිද්දියට කරන දේවල් නේද?

ප්‍රසිද්ද නොවී අපි කවුරුත් දන්නේ නැතිව උන්වහන්සේ කරපු ගොඩක් පින්කම් තියනවා. ඒවා ඉතින් දන්නේ උන්වහන්සේම තමයි. අපි හැමෝම වඳින
පුදන සිද්දස්ථාන වලටත් ගොඩක් උදවු කරලා පිං කරගෙන තියනවා. සිරීපාදේ යද්දී අලුතින් පඩි පේලි හදලා යකඩ අත්වැටක් එහෙමත් දකින්න ලැබෙයි. හැබැයි ඒවා අල්ලාගෙන යන ගමන් මේක හදපු අයට දහස් වරක් පින් දෙයි. ඒ පිං ගන්නෙත් උන්වහන්සේම තමයි.

ඔය කියන තරම් මිනිස්සුන්ට උදව් කරන මිනිස්සු ඉන්න පුළුවන් ද?

පුළුවන්. හොඳ ගුරුවරයෙක් ගේ සත්පුරුෂ ඇසුර තුළ සද්ධර්මය අහන්න වාසනාව ලැබුණ මිනිස්සු අතර

සේරුවිල ප්‍රශ්නේ මොකක් ද?

ප්‍රශ්නේ තියෙන්නේ සේරුවිල ද නැත්තන් කාලයක් තිස්සේ ඇරියස් කවර් කරගන්න බලාගෙන ඉන්න අයගේ හිත්වල ද කියලා මම හරියට දන්නේ නැහැ. හැබැයි සේරුවිල චෛත්‍ය වඳින්න ගිය වෙලාවක සෑයක් වටා ඉදිවී ඇති විශාලතම රන් වැට දැක්කොත් , රනින් කරන ලද ලලාට ධාතු අනුරුව දැක්කොත් වසර දහස් ගණනකට පසු කාවන්තිස්ස රජු පැවැත්වූ පෙරහැර එහි පැවැත්වූ බව අහන්න ලැබුණොත් , සේරුවිල අසලම වසර දහසකට පසුව ප්‍රතිසංස්කරණය කරපු විල්ගම්වෙහෙර සෑය දැක්කොත් උන්වහන්සේටත් උන්වහන්සේ ගේ ගුරු ස්වාමින් වහන්සේටත් අනිවාර්යෙන්ම පින් අනුමෝදන් කරාවි.

උන්වහන්සේට මුස්ලම් අන්තවාදීන් එක්ක මොකක් ද තියන සම්බන්ධය

ඒකත් අහන්න ඕන ඒ කතා පතුරුවන බළලුන් ලවා කොස් ඇට බාවන අයගෙන් තමයි. ඒ පැත්තේ ඉන්නවා දෙමළ ආදීවාසී පිරිසක්. ඒ අය අඩුකුලේ නිසා කුල බේදය තදින්ම තියන දෙමළ සමාජයෙන් ඒ අයට කිසිම රැකවරණයක් නැහැ. ඒ අයට අන්තවාදී #ස්ලිම් ජාතියේ පිරිසගෙන් අත් පා කැපිලි මරණ තර්ජන එද්දී ඒ අයව බේරා ගත්තෙත් ඔවුන්ට ආරක්ෂාව ලබා දෙන්න මැදිහත් වුණෙත් උන්වහන්සේ.

දෙමළත් පුළුවන් ද

දෙමලනම් බැහැ මං හිතන්නේ. හැබැයි දෙමළ බෞද්ධ ජනතාව වෙනුවෙන් තියන එකම බෞද්ධ radio එක , වෙබ් අඩවිය , app එක හදලා තියෙන්නෙත් උන්වහන්සේ. යාපනේ වෙසක් උත්සවේ තිබුණා නම් දහම් පොත් පහළොස් දහසක් විතර නොමිලේ බෙදන්න හිටියේ. https://tamilbuddhist.com/

මේ විදිහට ලියනවා නම් තව ගොඩක් ලියන්න තියනවා, සමහරවිට මේ බණින අයත් නොදැන හෝ උන්වහන්සේගෙන් උදව්වක් ලබලා ඇති. අඩුම ඥාතියෙක් හරි පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ගේ ප්‍රධාන අනුශාසකත්වය යටතේ උන්වහන්සේ අධීක්ෂණය කරන 40 % ට විතර නොමිලේ අධ්‍යාපනය ලබා දෙන පාසලක ඉගනගන්නවා වෙන්නත් පුළුවන්.

හරි ඉතින් අපි බනින්නේ වැරැද්දට නේ?

කෙනෙක් හරිද වැරදි ද කියලා භාහිර ඉඳන් මනින්න බැහැ. අඩුම මේ කියපු ටිකවත් ඔබ දැනගෙන හිටියේ නැහැ නේ. කෙනෙක් ගේ සීලය ගැන මනින්න තියෙන්නේ එකට වාසය කරලා. ඒකත් ටික කාලෙකින් නෙවේ. ඒ ගැන අවධානයන් ඉඳලා , නුවණැති කෙනයි ඒ දේ කරන්නේ. එහෙමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ.

මම දැන් confuse වෙලා ඉන්නේ ? කවුද ඇත්තටම හරි කවුද ඇත්තටම වැරදි?

මේක තමයි marketing දන්න අය බළලුන් ලවා කොස් ඇට බාවාගෙන අත පුච්චගන්නේ නැතිව ඔයාලගේ හිත් පුච්චලා එයාලට ඕනි වැඩේ කරගන්නවා කියන්නේ. දේශපාලනය වගේම තමයි. කපටි මිනිස්සු තමන්ගේ පටු බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්න තමන් නිවැරදි සේ පෙනෙන සිද්දියක් බවට කතාව උපක්‍රමයෙන් පරිවර්තනය කරනවා. ඊට පස්සේ අදින්නේ chess. ඉත්තෝ ටික ලවා යුද්ධය කරනවා. කෙනෙක් ඉත්තෙක් බවට පත්වුණා කියලා දැනගන්න තියෙන්නේ ඒ අයට තමන්ගේ තත්වය අමතක වෙනවා. හිත පටු වෙනවා. කොයිතරම් උතුම් මනුස්සයෙක්ගේ වුණත් ගුණ දකින්න බැරිවෙලා යනවා. බල්ලා උසි කීවම දුවනවා වගේ, ඉත්තෝ ටිකත් ඉතින් ඇරියස් කවර් කරගන්න හිතං අත දිග ඇරලා යුද්ධ කරනවා. අවසානයේ marketing එක පාස් වුණත් ඔහු දිනුම්. Fail වුණත් ඔහු දිනුම්. මොකද ඔහු චාටර් වෙලා නැති නිසා අලුත් stratergy එකකින් ආයෙත් බළලුන් ලවා කොස් ඇට බාවා ගන්න පුළුවන් නිසා.

අන්තිමටම ඉතිං කියන්න තියෙන්නේ, විහාර වලට පිං කැටේට ලෝභ කමෙන් ඉන්න අයත් ලෝකේ ඉන්නවා. පිං කැටයෙන් පවුල් නඩත්තු කරන අයත් මේ ලෝකේ ඉන්නවා කියලා අහලා තියනවා(මම ආශ්‍රය කරලා නැති නිසා ඒකාන්ත කරලා කියන්නේ නැහැ).
ඒ වගේම තමන්ට උරුම වෙච්ච ධාතූන් වහන්සේලා රැක ගන්න අසීමිතව කැප වෙච්ච මිනිසුන් දෙවිවරුන් පමණක් නොව නාගයන් පවා සිටිබව පරිනිබ්බාන සූත්‍රය මහා වංශය දාඨා වංශය කියවපු ඕනෑම කෙනෙක් දන්නවා.

කොයිතරම් වැඩ තිබුණත් හැමදාම බුද්ධ වන්දනාව කරන කෙනෙක්ට මේ කියන්නේ මොකක්ද කියලා තේරෙනවා. ශ්‍රද්ධාවන්තයෝ බුදු රජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට උපස්ථාන කරන්න ආසයි. උපස්ථාන නොකරන හෝ කරන්නං වාලේ කරන පිරිසක් ධාතුන් වහන්සේ ලා අත්පත් කරගන්නවාට ශ්‍රද්ධාවන්තයෝ අකමැතියි. හැබැයි ඒ කාරණාව අර පන්සල් බදාගන්න , පිං කැටෙන් නිවන් යන්න හිතන අයගේ මට්ටමේ දාලා හිතන එක අපේ බුද්ධි මට්ටමේ ප්‍රශ්නයක්.

සංඝයාගේ සමඟිය සැපයකි. සමඟි වූ සංඝයා ගේ කෙලෙස් තැවීම සැපයකි.

Leave a Reply

Your email address will not be published.